කිතුනු බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන පාස්කු දිනය අදට (17) යෙදී ඇත.
පාස්කු මංගල්‍යය වශයෙන් කිතුනු බැතිමතුන් සමරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම උදෙසා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 03 කට පසුව උට්ටානය ලැබීමයි.
අද දින සිහියට නැගෙන තවත් කරුණක් වන්නේ 2019 වර්ෂයේ මෙවන් පාස්කු ඉරුදිනක මෙරටට විශාල කළු පැල්ලමක් එකතු කරමින් දේවස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08 කට බෝම්බ ප්රහාරයන් කිහිපයක් එල්ල විය.
මෙම රුදුරු ප්‍රහාරයෙන් පාස්කු දේව මෙහෙයන්ට එක්ව සිටි කිතුණු බැතිමතුන් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.