රඹුක්කන සිදු වූ කණගාටුදායක සිද්ධිය සමග එම ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව රඹුක්කන ප්‍රහාරයෙන් මියගිය නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචිව සිටි කේ බී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇති හෙට දින (22) සහ 23 දක්වා එම ප්‍රදේශයට හමුදා ආරක්ෂාව යෙදවීමට කටයුතු යෙදෙනු ඇති බවට වාර්තා වේ..
ඒ අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට දැඩි කැළලක් ඇති කල එම සිද්ධිය පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය යටතේ විශේෂ විමර්ශනයක් සිදු කිරීම සදහා නියෝජ්‍ය පොලිස්පති w තිලකරත්න මහතාට , පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ. ඒ අනුව දින තුනක් ඇතුලත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසද නියෝග කර තිබේ.
ඒ අතර මෙම සිද්ධිය සිදු වූ ප්‍රදේශයට නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට වග කිව යුතු රඹුක්කන පොලිස් ස්ථානාධිපති , ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාද මාරු කිරීමට කටයුතු කර තිබේ.
කෙසේ වුවත් මෙම සිද්ධිය පිලිබඳව වග කිව යුත්තේ අදාළ විනාශය සිදු කල සියලුම නිලධාරීන් වන අතර එම නිලධාරීන්ට නිසි දඩුවම් දී පොලිස් දෙපාර්තමේන්තුවට අහිමි වූ කීර්තිනාමය ඇති කරගැනීම සියලුම පොලිස් නිලධාරීන් කටයුතු කල යුතුව තිබේ.