ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව මෙන්ම පොලිසියද මේ අරඟල අස්සේ ඉතාම උපක්‍රමශිලිව කටයුතු කල යුතු බව අප සෑම දිනයකම සදහන් කරනුයේ සියලු ආරක්ෂක අංශ මෙන්ම ජනතාවද සුරක්ෂා කිරීම සදහා අපට පෙනෙන අප උගත් දැනුම භාවිතා කල යුතු නිසාය.
අපට මේ වන විට ලැබී තිබෙන ජායරූපවලට අනුව ප්‍රධාන මාර්ග කිහිපයක ස්ථීර මාර්ග බාධක යොදා තිබේ. නීතියට අනුව එසේ කල හැකිද. මහජනයා ගමන් කරන මාර්ග එසේ වසා දැමීමට ඇති නීතිමය පැතිකඩ කුමක්ද?. අරගලයේ දී සිටින ජනතාව වෙත අහාර සහ අනෙකුත් සැපයුම් ලබා දීම අවහිර කිරීමට නීතිමය වශයෙන් හැකිද? පාරවල් කඩා දමමින් මෙසේ සිදුකිරීමෙන් එය සිදු කල සහ කිරීමට අනුබල දුන් ආරක්ෂක නිලදරින්ට නීතිමය වශයෙන් දඩුවම් නොමැතිද? සියලුම මාර්ග අවහිර කර නොමැති නම් අවහිර කර නොමැති මාර්ග දැනුවත් කිරීමද පොලිසිය විසින් කල යුතුය. අපට ලැබෙන තොරතුරු වලට අනුව එක් මාර්ගයකින් ගාලු මුවදොර පිටිය වෙත ගිය හැකිය.
නීතියට අනුව මාර්ග අවහිර කරමින් මාර්ග බාධක දීමට නොහැකිය. මාර්ග බාධකයක් යොදන්නේ නම් කල යුතු පිළිවෙලක්ද තිබේ. යුධ සමයේ එය පැහැදිලිවම හරියටම ක්‍රියාත්මක විය. නමුත් මේ අද දමා තිබෙන්නේ නීතිවිරෝදී මාර්ග බාධකයි. සාමාන්‍යයෙන් ප්‍රධාන මාර්ගයක ටයර් පිලිසිමෙන් සිදුවන හානියට පවා මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඇස්තමේන්තු ගෙන්වා නඩු පවරන්නේද පොලිසියමයි. එම පොලිසියම අද උදෑසනම ප්‍රධාන මාර්ග කඩා බිඳ දමන්නේ කාගේ අවසරයකින්ද?
අනෙක් කාරණාව එසේ මාර්ග අවහිර කිරීමෙන් මාර්ගයේ ගමන් කරනා ජනතාවට තිබෙන මූලික අයිතිවාසිකම් වලට සිදුවන හානිය. ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට, ශ්‍රී ලාංකිකයන්ට තිබෙන මූලික අයිතිය මෙයින් විනාශ වේ. එසේම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ නඩු තීන්දුවට අනුව මෙසේ අවහිර කිරීමට කිසි සේත්ම අවසර නැති අතර , අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 107 වැනි වගන්තිය යටතේ උපකල්පන වලට පැමිණ කටයුතු කිරීමට පොලිසියට නීතිමය වශයෙන් අවසර තිබුනත්, මෙසේ ජනතාවගේ අයිතීන් විනාශ කිරීමට හෝ මහා මාර්ග වසා දැමීමට බලයක් නීතියෙන් ලබා දී නැත.
එසේම, යොදා ඇති මාර්ග බාධකවල ජනතාවගේ පැත්තට කටු සහිත උල් යොදා තිබේ. එසේ කිරීම නිසා යම් පුද්ගලයෙකුට හානියක් සිදු වුවහොත් ඒ සදහා නඩු පැවරිය යුත්තේ අදාළ නිලධාරීන්ට විරුද්ධවයි.
එසේම ගාලු මුවදොර පිටියේ ජනතාවගේ සැපයුම් මාර්ග අවහිර කරමින් මේ සිදු කරන නීතිවිරෝදී හැසිරීමෙන් සිදු වන්නේ ජනතාව තව දුරටත් කුපිත කිරීම නොවේද?. එම සැපයුම් මාර්ග අවහිර කර තිබෙන්නේ නම් වහාම ඒවා නිවැරදි කල යුතුය. මේ කටයුතු මෙසේ සිදුවන්නේ පොලිස්පතිවරයාගෙන් බැහැරව යම් නිලධාරියෙකු ලබා දෙන ලද නියෝගයකින්ද? එසේ නියෝග ලබා දෙමින් පොලිස්පති ගෙදර යැවීම සදහා යමෙකු කටයුතු කරන්නේද?.
මේ සිදුකර තිබෙන නීතිවිරිරෝදී අවහිරය නිසා යම් කලබලයක් අද දින සිදු වුවහොත් එහි වගකීමත් අදාළ පොලිස් නිලධාරින්ගේ කර මතටම වැටෙනු ඇත. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ තව දුරටත් ජාත්‍යන්තරයට විහිළු සැපයීම නොකරන්නේ නම් වඩාත් හොඳ වියහැකිය. එසේම වර්තමාන තාරුණ්‍ය සමග සෙල්ලම් කර නැති ප්‍රශ්න සාදා නොගත යුතු බවද අප අවධාරණය කරන්නෙමු.
යම් ගැටුමක් ඇති වුවහොත් අප ඒ පිළිබඳව තව දුරටත් වගන්තින් සමගම නීතිමය විග්‍රහයක් ඉදිරිපත් කරන අතර දැනටමත් ශ්‍රී ලංකා පොලිසිය හෝ ආරක්ෂක අංශ නීතිය බිඳ දමා තිබේ. අරඟල කරන ජනතාව කිසිදු වරදක් කර නොමැති අතර සාමකාමී ජනතාව කුපිත කරවීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ශ්‍රී ලංකාවේ අරාක්ෂක අංශ විසින් සිදු කර තිබේ. එබැවින් අප නැවතත් ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින්නේ ඉදිරි කටයුතු වලදී සුපරික්ෂාකාරී වන ලෙසයි. මේ රටේ තරුණ පරපුර සුරැකීම ඔබේ සහ මගේද වගකීමයි. තාරුණ්‍ය සමග සෙල්ලම් කිරීමෙන් වලකින්න.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න සාමාජික පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමය