කොළඹ මහනගර සභාව යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ විශාලතම නගර සභාව මෙන්ම වැඩියෙන්ම අදායම් ලබන නගර සභාව කෙසේ වෙතත් විශාලතම අදායමක් සහිත නගර සභාවයි. කොළඹ නාගරික වැසියන්ගෙන් දුගී දුප්පත් ජනතාවද විශාල වශයෙන් සිටින නමුත් කිසිදා ඔවුන්ගේ ජීවිත වලට එළියක් නොදකින්නේ ඇයිදැයි යන්න මේ වන විට අනාවරණය වී තිබේ.
නාගරික වැසියන් වෙනුවෙන් සහන ලබා දීමට හැකියාව තිබෙන මිලියන ගනනාවක් වන වංචා දූෂණ කර තිබෙන්නේ කොළඹ මහනගර සභාවට ජනතා කැමැත්තෙන් තේරී පත්ව තිබෙන නාගරික මන්ත්‍රීවරුය. විගනාකධිපතිගේ වාර්තාවට අනුව රථවාහන ගාල් කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමේදී සිදුව ඇති මූල්‍ය වංචාව තුල කොළඹ මහනගර සභාවට අහිමිව ඇති අදායම මිලියන 5251 ක් වන අතර තවත් මිලියන 569 ක් හිඟවද පවතී.
ඒ අතර නාගරික මන්ත්‍රීවරුන් වංචනික ලෙස වාහන ගාල් කිරීමේ ස්ථාන වෙන් කර තිබෙන අතර ඒවා තම හිතවතුන්ට ලබා දී තිබේ. එවැනි ස්ථාන වල ඔවුන්ගේ කාර්යාල නැති බවද විගණකාධිපති විසින් අනාවරණය කරගෙන තිබේ.
ඊට අමතරව කොළඹ 12 පැරඩයිස් පෙදෙසේ ලොන්ඩරි රැකියාවේ නියුතු දිලිඳු පවුල් සඳහා ඉදිකළ ලොන්ඩරි නිවාස නගරාධිපති සහ සභාව විසින් හිමිකරුවන්ට ලබා නොදීම, පැරඩයිස් නිවාස සංකීර්ණයේ නිවාස 64 ක් ඉදිකිරිම සදහා නිවාස 22 ක් කඩා ඉවත්කර තිබුනත් වසර 7 ක් පුරා එම නිවාස අහිමි වූ ජනතාවට ලබා නොදෙමින් වෙනත් පවුල් 22 ක් පදිංචි කිරීම සදහා අනුමැතිය ලබා දී තිබීම, රිචර්ඩ්සන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම සමග ඇති කරගත් මාර්ග විදුලි ආලෝක පිළිබද ගිවිසුම තුලින් මිලියන ගනනාවක් අදාළ සමාගමට ලැබෙන ලෙස ගිවිසුම් ගතව තිබීම, ඝන අපද්‍රවය කළමනාකරණ ගිවිසුම් තුලින්ද සභාවට පාඩු සිදුවන ලෙස කටයුතු කර තිබීම, සභාවට අයත් දේපලක අනවසර ගොඩනැගිල්ලක් ඉදි කර සුප්‍රීම් මල් ශාලාව වෙත දීමට කනත්ත බාරකරු විසින් කටයුතු කිරීම, ආදී වංචා දූෂණ රැසක් කොළඹ මහනගර සභාව තුල සිදුව තිබේ.
ඒ අතර මේ වංචා දූෂණ හෙළිදරව් වීම නිසා කලබලයට පත් දූෂිත නාගරික මන්ත්‍රීවරු විසින් තමන්ගේ වංචා දූෂණ ජනතාවට අතට පත් වීම වැලැක්වීම සදහා හදිසි මහසභා රැස්වීමක් කැදවා නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායක මහත්මිය ඉවත්කිරීම කටයුතු කිරීමට ඉල්ලීමක් කර ඇත. ඒ අනුව මේ මස 10 වැනි දින විශේෂ මහා සභාව රැස්වීමට කොළඹ පුරපති රෝසි සේනානායක මාහත්මිය තීරණය කර තිබේ.
මේ විශේෂ මහසභා රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ 12 කට වැඩි වන බවද, රැස්වීමට අහාර සඳහා වෙන් කර තිබෙන මුදල ලක්ෂ 5 කට වඩා වැඩි බවද වාර්තා වේ. දීර්ග විස්තරයක් සහිත විගණාකාධිපතිගේ වාර්තාවට අනුව ඉදිරිකටයුතු සිදුකිරීමට පෙර ඔවුන්ට හිතවත් නාගරික කොමසාරිස්වරයෙකු පත් කරගැනීමෙන් මේ සියල්ලම යටපත් කරගැනීමට හැකි බැවින් විශේෂ මහ සභා රැස්වීමකින් රාජ්‍ය නිලධාරියෙකු ඉවත් කිරීමට බලයක් නැති බව මෙන්ම රාජ්‍ය නිලධාරියෙකු ඉවත් කිරීමේ ක්‍රමයවත් නොදන්නා මන්ත්‍රීවරුන් බලයට පත් කල ජනතාවට මේ වන විට දෙවියන්ගේ පිහිටවත් නැතිව තිබේ. මිලියන ගනනාවක් වන මේ දූෂණයන් ඔවුන්ගෙන් අය කරගැනීමට කටයුතු කිරීම, වංචනික ලේඛණ මෙන්ම වංචනික තොරතුරු රජයට ලබා දීමට එරෙහිව ඔවුන්ට අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතුය.
මෙහිදී නාගරික කොමසාරිස්වරියට විරුද්දව විවිධ චෝදනා ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන නමුත් නාගරික කොමසාරිස්වරිය ඉවත් කිරීමට බලයක් කොළඹ මහනගර සභාවට නැති අතර වෝහාරික විගණනයෙන් පසු දූෂිත මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී දූරය පවා අහිමි විය යුතුය. නීතිය නම් එයයි. මහනගර සභා ආඥා පනතට අනුවද නීතිය නම් එයයි. නමුත් රාජ්‍ය නිලධාරීන් මාරු කිරිම වෙනුවෙන් මෙසේ තවත් ලක්ෂ 12 කට වඩා මුදලක් නාස්ති කිරීමට සැරසෙන්නේ ජනතාවට ආදරෙන්ද, නැතිනම් මන්ත්‍රීවරුන්ගේ වංචා මෙන්ම දූෂණ හෙළිදරව් වීමනිසා ජනතාවගෙන් ගුටි කෑමට සිදුවන බව මේ වන විට පෙනෙන්නට තිබෙන නිසාද යන්න නොහොත් , “ ගොනා හැරෙන්නේ පොල් පැලය කෑමට” බව ජනතාව දනී. නමුත් මන්ධ බුද්ධික මන්ත්‍රීවරුන්ට හෝ පුරපතිනියට එය වටහා ගැනීමට නොහැකිව තිබෙන බව පෙනී යයි.
එසේම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ බලය තිබේ. කුමන රජයක් පැවතියද වංචනිකයන් මෙන්ම දූෂිතයන් යනු දේශද්‍රෝහීන් බව ජනතාව මේ වන විට මනාව හදුනා ගනිමින් සිටි. එබැවින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් දී එයාර් ෆොර්ස් රොෂාන් ගුණතිලක මාහතාගේ නිසි බලය ක්‍රියාත්මක කරමින් ජනතාවගේ දේපල සුරැකීමට කාලය දැන් උදා වෙමින් තිබේ. මේ දූෂණ සියල්ලම ජනගත වීමෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරයා කටයුතු නොකළහොත් කොළඹ ජනතාව පුරපතිනිය මෙන්ම ආණ්ඩුකාරවරයාද සිර අඩස්සියට ගැනීමට ජනතාව කටයුතු කරනු ඇත. එබැවින් විගණනයට අනුව කටයුතු කරමින්, නීතියට අනුව පමණක් සියල්ලම සිදුවීම, මහජන මුදල් සුරැකීමේ සහ දූශිතයනට ලැබිය යුතු දඩුවම් දීමට බලධාරීන් සමත් වියයුතුය.