“අරගලයට අපි බය නැහැ- බය නම් අපි එන්නෙත් නැහැ” ලෙස සටන් පාඨ කියමින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටි.
අරලියගහ මන්දිරයා ඉදිරිපිට පැවැත්වෙන මේ උද්ඝෝෂණය සදහා සහබාගි වූ පිරිසක් අරලියගහ මන්දිරය ඇතුලට ද ගොස් තිබෙන බවද වාර්තා වන අතර පොදුජන පෙරමුණට අයත් සමහර වෘත්තීය සමිතිද, පොදුජන පෙරමුණට අයත් පළාත් පාලන මන්ත්‍රී සංසදයද මෙසේ ඉල්ලා අස් නොවන ලෙස බලපෑම් කරමින් සිටි.
මීට දින දෙකකට පෙරද පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් අරලියගහ මැදුර වෙත පැමිණ මෙසේ ඉල්ලා අස් නොවන ලෙස බලපෑම් කරන ලදී. කෙසේ වුවත් වර්තමාන රජය පිහිටුවීම සඳහා සමස්ත ජනවරමම ලැබුනේ මහින්ද රාජපක්ෂ මහතා නිසාය. කෙසේ වුවත් පවතින අර්බුධයට විසදුම් ලබා දීමට අපොහොසත් වීම ඔවුන්ට ඉවත් වන ලෙස රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මෙන්ම හර්තාල් දිනෙන් දින වැඩි වෙමින් තිබේ.
අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් රට පුරාම ජනතාව මෙසේ නැගී සිටීම සිදු වුවහොත් සාමකාමී අරගලයන් වෙනුවට යුධ පිටි නිර්මාණය විය හැකිය.
ශ්‍රී රාවණා සටහන
කුමක් හෝ හේතුවක් මත මෙරට වාර්ගික අර්බුදය නිමා කිරීමේ ප්‍රධානියා වුයේ මහින්ද රාජපක්ෂය. ඒ හේතුවෙන් දකුණේ ජනතාවගේ පියා වුයේ මහින්ද රාජපක්ෂ මහතාය. 2015 දී පරාජයට පත් වුයේ ඔවුන් ලග තිබු අයහපත් ආර්ථික සැලසුම් සහ විවිද වංචා දූෂණ නිසාය. නමුත් ඔහු පරජයට පත් වී නැවත මැද මූලනට ගිය විට දහස් ගනනක් ජනතාව ඔහු බැලීමට ගිය බවද නොරහසකි. පසු ගිය මැතිවරණයේ සිට පවතින ආර්ථික ආර්බුදය ඇතිවන තෙක් මහින්ද රාජපක්ෂ යනු මෙරට ජනතාවගේ වන්දනීය පුරවැසියා විය. නමුත් 2015 පරාජයට පත් වී ගෙදර ගිය ජනතා පුත්‍රයා විනාශ කිරීමට කටයුතු කලේ ඔහුගේම ලගින්ම සිටි ආත්මාර්තකාමින්ය. සක්විති රජෙකු සේ මියැදීමට සිටි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නිදහසේ මියැදෙන්නටවත් තිබුණු අයිතිය නැති කලේ මෙරට තක්කඩි දේශපාලන ව්‍යාපාරිකයන් විනා සැබෑ දේශපාලකයන් නොවේ.
කෙසේ වුවත් මේ වන විට ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නොඇසිය යුතු කතාද ජනතාවගෙන් අසමින් සිටිති. තම පියා වෙනුවෙන්, ඔහුව නිදහස් මනසකින් තබා ගැනීම වෙනුවෙන් ඔහුගේ පුතුන්වත් කටයුතු නොකරන බවක් දිස් වේ. කල යුතුව තිබුනේ මහින්ද රාජපක්ෂ මහතා සක්විති රජෙකු සේ මැදමූලන නිවසේ තබා ඔවුන්ගේ කටයුතු කිරීමයි. ඉදිරි කටයුතුවත් නිසි ලෙස කිරීමට පුතුන්ට මොලය පෑදෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට නිදහසේ මියැදීමට හැකි වනු ඇත.