ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ 10 මන්ත්රී කණ්ඩායම අද (16) උදෑසන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ හමුවීමට නියමිතයි.
රට තුළ මේ වනවිට පැන නැඟී ඇති අර්බුදයන්ට විසඳුම් සෙවීම පිණිස දේශපාලනික එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර, තීන්දු තීරණ හා එකඟතා පිළිබඳ සංවාදයට අද දින මෙම කණ්ඩායම් අග්රාමාත්යවරයා හමුවනු ඇති.