පසුගියදා ගාලු මුවදොර පිටියට එල්ල කල ම්ලේච්ච ප්රහාරාය් දැනගෙන සිටිමින් එය වැලක්වීමට කටයුතු නොකළ බවට පැහැදිලිවම සාක්ෂි තිබියදීත් එයට අදාළ පොලිස් නිලධාරින් අත් අඩංගුවට ගැනීම දිගින් දිගටම ප්‍රමාද කරමින් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු කණ්ඩායම එම ප්‍රහාරය එල්ල කරන බව තමන් දැනගෙන සිටි බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කල බවද පැහැදිලිවම වාර්තා වී තිබේ.
එසේම උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවලට අනුව “ මම කියනකන් කදුළු ගෑස් හෝ ජල ප්‍රහාරක භාවිතා කරන්න එපා” ලෙස ඊට පෙර දින දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.
නමුත් නීතියට අනුව නම් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට උප පොලිස් පරික්ෂකවරයෙකුටද බලය දී තිබේ . එසේම අපරාධ වැළැක්වීම සඳහා කටයුතු කල යුත්තේ එම අවස්තාවේ රාජකාරියේ දී සිටින පොලිස් නිලධාරීන්ය. එම අවස්ථාවේ සිටි උසස්ම් පොලිස් නිලධාරියා වන්නේ බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නිජෝජ්‍ය පොලිස්පතිවරයා වේ. අපට ලැබී තිබෙන වාර්තා වලට අනුව බස්නාහිර පළාතේ සිටින බොහෝ පොලිස් නිලධාරීන් විවිද දේශපාලන උවමනාවන් මත එම ප්‍රදේශයට රාජකාරීන් සඳහා කැදවා තිබේ.
පොලිසියේ කීර්ති නාමයට දැඩි ලෙස හානි කරමින් සිදු වූ එම ම්ලේච්ච ප්‍රහාරයේ වගකීම ගත යුතු ඉහලම රාජ්‍ය නිලධාරියා වන්නේ දේශබන්ධු තෙන්නකෝන් මහතාය. ඔහු එම ස්ථානයේ සිටි පුද්ගලයා වේ. ඔහුගේ එම වරදින් විනාශ වුයේ ජනාධිපතිවරයාගේම පවුල වේ. ඔහු ගිනි තැබුවේ ජනධිපති මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවයි.
පසුගියදා නීතිපති විසින් “ සාක්ෂි තිබුණහොත්” අත් අඩංගුවට ගන්නා ලෙස නාම ලේඛනයක් පොලිස්පති වෙත යොමු කර තිබුණි. සාක්ෂි තිබුනොත් ලෙස පැවසුවත් දේශබන්ධු තෙන්නකෝන් මහතා එය දැනගෙන සිටි බව ප්‍රකාශ කිරීමේ ප්‍රකාශය මතම ඔහු අත් අඩංගුවට ගැනීමට ප්‍රතිපාධන තිබේ.
නමුත් ඔහුව අත් අඩංගුවට නොගන්නා ලෙස ඉහලින් නියෝගයක් ලැබී තිබේ. “ දේශබන්ධු අත් අඩංගුවට ගන්න එපා” ලෙස එම දුරකථන අමතුවෙම්න් කිය වී තිබෙන අතර පෙරලා පිළිතුරෙන් “ සර් නීතිපති කියල තියෙනවා අත් අඩංගුවට ගන්න කියල”. අදාළ උසස් නිලධාරියා පිළිතුරු දී තිබේ. “ නීතිපතිගේ ඒවා මට වැඩක් නෑ, මමනේ කියන්නේ. තමුසේ මම කියන දේ කරනවා” ලෙස එම ප්‍රධානියා පිළිතුරු දී තිබේ.
එම පුද්ගලයා කවුද යන්නද පැහැදිලිවම තොරතුරු අප ලග තිබෙන නමුත් එය තහවුරු කරගැනීමට නොහැකි නිසා ඔවුන්ගේ නම් මෙහි සදහන් නොකරන නමුත් පොලිස් දෙපාර්තමේන්තුව තුල මේ පිලිබදව දැඩි කතා බහක් ඇතිව තිබේ. එසේම ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකළ අදාළ පොලිස් නිලධාරීන් මෙන්ම අනෙකුත් පුද්ගලයන් අත් අඩංගුවට නොගැනීම නිසා මේ වන විට නැවතත් උද්ඝෝෂණ වැඩි වෙමින් පවතී.
මේ කරුණු මෙසේ වෙද්දී ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමින් මෙම ප්‍රහාරය පිලිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල මහතා ඉල්ලා සිටින ලදී. එයට හේතුව ලෙස සදහන් වුයේද ඉහලින් නියෝග ලබා දුන් පුද්ගලයන් කවුදැයි යන්න අනාවරණය කරගැනීමයි. එවැනි පරීක්ෂණයක් පැවැත්වීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යට ගැසීමට කටයුතු කරන සත්‍යම කරුණු අනාවරණය කරගත හැකි වනු ඇත.
එබැවින් මව් බිම සුරැකීමට නම් ප්‍රථමව කල යුත්තේ නීතියේ ආධිපත්‍ය රජකරවීමටයි. දැවැන්ත විනාශයක් සිදුව තිබෙද්දිත් එම විනාශයට වග කිව යුත්තන් නීතිය හමුවට නොගෙනෙන්නේ නම් එයින් ප්‍රකාශ වන්නේ තවත් විනාශයක් ලග ලගම පැමිණෙන බවයි.