කෙසේ වෙතත් එදිනම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC)සභාපති තෝමස් බැච් ප්‍රකාශ කර ඇත්තේ අවලංගු කිරීම කිසිවිටෙකත් විකල්පයක් නොවන බවයි.මෙම මාසය මුලදී ජපානය විසින් නිවේදනය කර සිටියේ ක්‍රීඩා උළෙළ ප්‍රේක්ෂකයින් නොමැතිව හෝ ඉදිරියට පවත්වාගෙන යන බවයි.
මෙම අවස්ථාවේ දී පවා ඔලිම්පික් උළෙල අවලංගු කළ හැකි දැයි මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් විමසූ විට මුටෝ මහතා ප්‍රකාශ කර සිටියේ “රෝගීන්ගේ වැඩි වීමක් තිබේ නම් අපි ඒ පිළිබඳව දිගටම සාකච්ඡා කරන්නෙමු” කියා ය.
මෙම සතිය මුල දී, දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙකු මළල ක්‍රීඩා ගම්මානයේ රැඳී සිටිමින් කොරෝනා වෛරස පරීක්ෂාව සිදු කර එයින් ආසාදිත බව තහවුරු වී ඇති අතර වොලිබෝල් ක්‍රීඩකයෙක් ද පසුව වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂාවෙන් සනාථ වී ඇත.ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා පිළිගත් පුද්ගලයින් 71 දෙනෙකුත්, ක්‍රීඩා සඳහා තේරීපත් වූවන් ද ඇතුළුව අද වන විට වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂා වී ඇත.
කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔලිම්පික් හා පැරාලිම්පික් උළෙල වසරකට කල් තබන ලදී.එය වසර 124ක ඔලිම්පික් ඉතිහාසයේ පළමු ප්‍රමාද කිරීම ලෙස දැක්විය හැකිය.මෙවර ඔලිම්පික් උළෙල ජූලි 23 සිට අගෝස්තු 05 දක්වාත්, පැරාලිම්පික් ක්‍රීඩා අගෝස්තු 24 සිට සැප්තැම්බර් 05 දක්වාත් පැවැත්වීමට නියමිත නමුත් සත්කාරක නගරය වන ටෝකියෝවෙන් අඟහරුවාදා රෝගීන් 1387ක් වාර්තා වී තිබේ.මෙම තත්ත්වය මත ජපානය මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර එය අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
ටෝකියෝ 2020 හි ප්‍රකාශකයෙකු පැවසූවේ අඟහරුවාදා දින මුටෝ මහතා කළ අදහස් දැක්වීමෙන් පසුව සංවිධායකයින් පැවසුවේ “සාර්ථක ක්‍රීඩා උළෙලක් ලබාදීම සඳහා 100% ක්ම අවධානය යොමු කර ඇති” බවයි.