හම්බන්තොට – වීරකැටිය DA රාජපක්ෂ විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකුට අවුරුද්දක් පාසල් පැමිණීමට ඉඩ ලබා නොදීමේ සිද්ධියක් පිලිබඳව විදියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුයේ ඊයේය.
දැඩි ලෙස හඬමින් එහෙත් දැඩි විනයකින් තමන්ට සිදු වූ එම අසාධාරණය සමාජ ගත කලේ එම සිසුවාම බව වැටහෙන නමුත් එම සිද්ධිය සත්‍ය සිදුවීමක් බවද අවට දර්ශන වලින් පැහැදිලි විය.
මෙහිදී අප දුටු ආකාරයට විදුහල්පති මෙන්ම ගුරුවරුන්ගේ වචනද සැබෑම ගුරුවරුන්ගෙන් නිකුත් වූ වචන නොවන නොවේ. ඔවුන් දරුවන් යනු කවුරුන්දැයි නිසි ලෙස හදුනාගත් බවක්, හෝ ඔවුන්ට දනී තිබුණු බවක්ද අපට පෙනෙන්නට නොතිබුණි. එසේම පාසල්වල ගුරුවරුන් දරුවන් පාලනය කරනුයේ පොලු මුඟුරු වලින් පහර දෙමින් බවද මෙහිදී ප්‍රකාශ විය.
ඔහු කුමන අකාරයේ චරිතයක් වුවද, ගුරුවරු සිටින්නේ ඔවුන්ව වැඩදායි දරුවෙකු ලෙස සමාජයට මුදා හැරීමටයි. දැඩි පීඩනයෙන් වුවත් ඔහුගේ එම පීඩනය පිට කලද, ඔහුගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් එම පාසලේ කිසිම ගුරුවරයෙකු පෙනී නොසිටීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරුන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ පිරිහීමයි. ( සියල්ලෝම නොව)
එසේම මෙම දරුවා පවසන ආකාරයට සහ ගුරුවරුන් පිළිගත් ආකාරයට පෙළ පොත් ලබාගැනීම සදහා මැදිහත්ව තිබෙන්නේද පොලිසීයයි. පොලිසියද නිසි ලෙස රාජකාරියක් නොකළ බවද කියවේ.
පොලිසියට වඩා මෙම දරුවා ගැන සොයාබැලිය යුත්තේ ග්‍රාම සේවක මෙන්ම එම දරුවාගේ ග්‍රාම සේවා වසමේ සිටින ප්‍රජා නිලධාරීන් සමග ප්‍රාදේශීය ලේඛ්ම්ය. එසේම සෑම ග්‍රාම සේවා වසමකටම පාහේ පොලිස් නිලධාරියෙකුද පත් කර තිබේ. ඔවුන් සියලුම දෙනා මේ පිලිබඳව වග කිව යුතුය.
මේ සිද්ධිය සත්‍ය සිදුවීමක් නම්, මේ පිලිබඳව අදාළ සියලුම දෙනාට අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතුය. ඒ සඳහා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ප්‍රතිපාධන සලසා තිබේ. මේ දරුවා අපරාධකරුවෙකුගේ ගොඩට තල්ලු කර දැමු සියලුම දෙනාට විරුද්දව නීතිය ක්‍රියාත්මක විය යුතුය. දරුවෙකු වෙනුවෙන් අපද මෙදෙස දැඩි ලෙස අවධානය යොමු කර තිබේ.
මෙම සිද්ධිය පිලිබදව එක්ෂත් ළමා ආරක්ෂක සංවිධානය විසින්, ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද යොමු කර තිබේ. එම ලිපිය පහතින්.
අදාළ විඩියෝව