අප නිරන්තරයෙන්ම සමාජීය පුවත් වාර්තාකරනුයේ සමාජ ගවේෂණයකින් පසුවයි. ඒ සදහා අවශ්‍ය සාක්ෂි මත අප විශේෂ හෙලිදරව් කිරීම කරනුයේ සමාජය බිඳවැටුණු පසු සියලුම දෙනාට පීඩා විදීමට සිදුවන බව දැනගෙන ඒවා වැලැක්වීම අපගේ යුතුකම සහ වගකීම ඉහලින්ම වටහාගෙනයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමගම රට පුරා තිබු උද්ඝෝෂණ විශාල වශයෙන් අඩු විය. නමුත් සාමාන්‍ය උද්ඝෝෂණ පැවතුනි. ඉන්ධන, ගෑස් ආදිය නොමැති වීම නිසා පැවති උද්ඝෝෂණ හැර අනෙකුත් උද්ඝෝෂණ පහව ගියේය. විශේෂයෙන්ම ඒවා පහව ගියේ නව අග්‍රාමාත්‍යවරයා යම් කිසි වෙනසක් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගනිමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා කැප වී සිටියත් පාර්ලිමේන්තුව තුල සිටින බලය තිබෙන පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් නැවත ජනතා කුපිත කිරීමක් බවට පත්ව තිබේ. මේ අවස්ථාවේ ඔවුන්ගේ හැසිරීම් ඉතාම මන්ධ බුද්ධික ස්වරූපයක් ගෙන තිබේ. පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ භාෂාමය විලාශය ආදියද ප්‍රචණ්ඩත්වයෙන් පිරි තිබීම ද ජනතාව නැවත කැළඹීමට ලක් කර තිබේ.
එසේම ගාලු මුවදොර පිටියට පහර දීම සම්බන්ධයෙන් හදුනාගෙන තිබෙන සැකකරුවන් වන ප්‍රධානීන් තවමත් අත් අඩංගුවට නොගැනීමද එක් හේතුවකි. ඔවුන්ගේ හැසිරීමේ ප්‍රතිපලයක් ලෙස කෝපව සිටි ජනතාව ක්ෂණිකව කෝප කිරීම ගාලු මුවදොරින් ආරම්භ කලේද ඔවුන්මය. එහෙත් රට පුරා ක්ෂණිකව කෝපයට පත් ජනතාව සිදු කල අපරාධයන් වලට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමද ආදිය මෙම නැවත නැගී සිටීමට හේතුව වී තිබේ. ඊට අමතරව පවතින අර්බුධ කාරී තත්වයන් සමනය කිරීම වෙනුවට පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ ප්‍රශ්න පමණක් කතා කිරීම ආදීය ඇතුළු පවතින සියලුම ගැටළු වලට පිළිතුරු ඉල්ලා මෙම අරගලයේ “ නැවත නැගී සිටීම” සිදු වෙමින් පවතී.
ගාලු මුවදොර පිටියෙහි අරගලයට යම් බලපෑමක් සිදු වුවහොත් සිදුවන අනතුර පිලිබඳව අවස්ථා දෙකකදී අප වාර්තා කර තිබේ. එසේම අප දෙවෙනි වර්තාව ඉදිරිපත් කලේ අරගලයට පහර දීමට පැය දෙකකට පමණ පෙරය. එසේම ලිවීමටත් පෙර අදාළ වගකිව යුතු බලධාරීන්ට අප දැනුවත් කිරීම්ද සිදු කර තිබේ. නමුත් ඒවා සියල්ල “ අතීසාරෙට අමුඩේ ගැසුවා සේ “ විය. එසේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට “ ගඩාෆිට” වූ දේම විය හැකි බවටද අප වාර්තා කර තිබේ. එම සියල්ලම මෙම වෙබ් අඩවියේ වාර්තා කර තිබේ. ඒවා සියල්ලම අප වාර්තා කර තිබෙන්නේ අදාළ අංශ වලට ක්‍රියාත්මක වී ඔවුන් සියලුම දෙනාට මෙන්ම සාමාන්‍ය ජනතාවද සුරක්ෂා කිරීමටයි. එම අනතුරු හැඟවීම් තවමත් පවතින අතර ඉදිරියේදී ජනතාව පාලනය කිරීමට ආරක්ෂක හමුදාවනටවත් නොහැකි වනු ඇත.
කෙසේ වුවත් රට පාලනය කරන දේශපාලන අධිකාරීන් නිශ්චිත අකාරයකින් කටයුතු නොකිරිමෙන් ආරක්ෂක අංශවලටද කරන්නට කිසිවක් නැත. දේශපාලන බලවතුන් “ වැපිරූ පල නෙලාගත්තේය”. ඉදිරියටද එසේමය. එයින් තවමත් පාඩම් ඉගෙන ගෙන නැති බැවින් ඉදිරියේදී සිදු වුවාට වඩා දරුණු කෝලාහල ඉදිරියේදී සිදු වියහැකි බව නැවතත් අවධාරණය කරන අතර එහි වගකීම ද ගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර අරගලයට පහර දුන් සහ අරලියගහ මැදුරට මැරයන් රැගෙන ඇවිත් ඔවුන් උසි ගැන්වූ පුද්ගලයන්, ගාලු මුවදොරට පහර දෙන තෙක් බලා සිටි පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම දෙනා අත් අඩංගුවට නොගෙන “කොලේ වැසීමට” තවමත් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියේ බලවතුන්ටද අනාගත විනාශයන් වලට වගකීමට සිදුවනු ඇත.