පසු ගිය අවුරුදු තුනක කාලය තුල ශ්‍රී ලාංකික දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලද බව නොරහසකි. කොවිඩ් මෙන්ම ගුරුවරුන්ගේ උද්ඝෝෂනද මේ සදහා ප්‍රධාන වශයෙන්ම බලපෑ අතර මාර්ගගත ක්‍රමය මගින් අධ්යාපනාය් ලැබුවේද සමස්ත දරුවන්ගෙන් 30% වැනි ප්රමාණයකි. එසේ අසමාන ලෙස අධ්‍යාපනය ලැබූ උසස් පෙළ දු දරුවන්ද මේ වසරේ මුල් වකවානුවේදී තම විභාගය සදහා මුහුණ දුන්නේය
එසේ අඩු පාඩු මෙන්ම දැඩි දුෂ්කරතා සමග අධ්‍යාපන කටයුතු කල දු දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගයද අද සිට ජුනි පළමුවනදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව පුරා මධ්‍යස්ථාන 3,844 කදී මෙම විභාගය පැවැත්වෙන අතර සම්බන්ධිකරණ සදහා මධ්‍යස්ථාන 542 ක් ස්ථාපනය කර තිබේ. එසේම පාසල් විභාග අයදුම්කරුවන් 407,129 ක්ද , පෞද්ගලික විභාග අයදුම්කරුවන් 110,367 දෙනෙකුද සමග සමස්ත අයදුම්කරුවන් 517,129 දෙනෙකු විභාගය සදහා පෙනී සිටීමට නියමිතයි. එසේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ද 590 දෙනෙකු ද මෙවර විභාගය සදහා පෙනී සිටීමට අයදුම් කර තිබේ.
විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුන දරුවන්ට එය අන්තර්ජාලය ඔස්සේ ලබා අගත හැකි අතර එයද අප මීට පෙර වාර්තා කර තිබේ. ඔබට තව දුරටත් උපදේශ අවශ්‍ය වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 0112784208, 0112784537 හෝ 1911 යන අංක වලින් වැඩි විස්තර ලබා ගත හැකිය.
දරුවන්ට ඉගැන්වීම සදහා දෙමාපියන්ද දැඩි පීඩනයකින් කටයුතු කල අතර එසේ දැඩි දුෂ්කරතා මත අධ්‍යාපන කටයුතු සිදු කල, අද විභාගය සදහා පෙනී සිටින සියලුම දු දරුවන්ට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබේවා!.. යයි අප සුබපැතුම් එක්කරමු.