මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදුවන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා සෙවීම සඳහා තවමත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බවද, ජනාධිපති ඇතුළු රජයට මේ දේ සිදුවන බව ලිවීම නිසා තමන්ට විරුද්ධව පැමිණිල්ලක් පවා යෙදු බවද, අද මේ රට විනාශ වීමට හේතුව ශ්‍රී දළදා මාලිගාව ඇතුළු දේවාල වල මෙන්ම සමහර පන්සල් වල සිදුවන අක්‍රමිකතා දූෂණ සහ වංචා බවද, ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සම්මුඛ සාකාච්ච්වකදීය.
එහිදී වැඩි දුරටත් කරුණු සදහන් කල ඒ මහතා, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදුව තිබෙන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා පිලිබදව සාක්ෂි සහිත චෝදනා 43 ක් තිබෙන බවද, බෞද්ධ, කතෝලික, හින්දු මෙන්ම මුස්ලිම් ජාතිකයන්ට පවා උරුමකම් කියන ශ්‍රී ලාංකික ආගමික දේපල සුරක්ෂා විය යුතු බවද, ඇඹිලිපිටිය පනහඩුව රන්මිණි කොත පැරණි චෛත්‍ය මත සන්නිවේදන කුළුණක් ඉදිකිරිම, විහාර දේවාලගම් වල ජනතාවගේ ප්‍රශ්න මෙන්ම විහාර සහ දේවාල වල සිදුවන වංචා දූෂණද පෙන්වා දෙන ලදී.
එසේම දියවඩන නිලමේ වරයා මෙන්ම බහුතරයක් බස්නායක නිලමේවරුන්ද, සමහර ඝනින් වහන්සේලාද, වංචා දූෂණ සිදු කරන බවද, ඔවුන් වංචා දූෂණ නොකළේ නම් දැනට ශ්‍රී ලංකාවේ දුක් විදින ජනතාව වෙනුවෙන් ඒවා පරිහරණය කල හැකිව තිබු බවද, සඳහන් කරන ලදී.
ශ්‍රී දළදා මාලිගාවේ සිදු වූ සමහර අකටයුතුකම් ලියු බවාඩ්, ඒවා නිසා රටට අයහපතක් සිදුවන බව තමන් මීට මාස 8 කට පමණ පෙරදී මහනුවරදී මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කල බවද, ශ්‍රී දළදා මාලිගාවේ සිදු වූ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා ගැන දැනුවත් කරද්දීත් ජනාධිපති මෙන්ම රජය නිහඩව සිටි බවද ඔහු සදහන් කරන ලදී. සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.,
මෙම පුවතට අදාළ වීඩියෝ ව
දන්ත ධාතූන් වහන්සේ නමක් ජපානයට විකිණීම පිලිබදව කෙරෙන අනාවරණය