පසු ගිය 31 වනදා සිට මේ දක්වාම රට පුරා සිදු වූ ප්රචණ්ඩ ක්‍රියාවලදී ත්‍රිවිධ හමුදාවෙන් සිදු වූ අත පසුවීම් සෙවීම සදහා විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
මෙම කමිටුවේ සාමාජිකයින් වන්නේ, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක සහ ජෙනරල් දයා රත්නායක යන මහත්වරුන් වන අතර ඔවුන් හමුදාවන් තුන නියෝජනය කරයි.
ඔවුන් තිදෙනා පිළිවෙළින් නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද්ධ හමුදාව නියෝජනය කරන අතර ඔවුන් ස්වාධීන මණ්ඩලයක්ද නොවේ. එවැනි පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ස්වාධීන පරීක්ෂකවරුන් එයට අයත්විය යුතුය. නමුත් මණ්ඩලයක් පත්කළ යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව සහ එයට අයත් විශේෂ කාර්ය බලකාය ගැන සෙවීමටය.
කෙසේ වුවත් මේ වන තෙක්ම ත්‍රිවිධ හමුදාවේ අතපසුවීම් කිසිවක් වාර්තා නොවූ අතර සාමාන්‍ය රාජකාරි සදහා ත්‍රිවිධ හමුදාව යෙදවීමටද නීතියෙන් තහනම් බව අප පාර්ලිමේන්තුව අසල සිද්ධියේදී වාර්තාකරණ ලදී. එහිදී අදාළ නීතින් සමගම අප වාර්තා කර තිබේ.
එසේම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්ධිරයෙන් මුදවා ගැනීමේ මෙහෙයුමේ අවසන් මොහොතේ ගුවන් හමුදාව විසින් මහජන කැළඹීමක් ඇතිකරමින් හෙලිකොප්ටර් යානා යොදවාගෙන ත්‍රිකුණාමලය වෙත පියාසර කරන ලදී. එයද ඉතාම රහසිගතව සිදුකලේ නම් ත්‍රිකුණාමලයේ ජනතාව නාවික හමුදා කදවුර ඉදිරිපිට උද්ඝෝෂණය නොකරනු ඇත. නමුත් ගුවන් හමුදාව එය සිදුකලේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය තව දුරටත් අනාරක්ෂිත කරමිනි.
එම සිද්ධිය හැර වෙනත් විශේෂ සිදුවීම් ද අප හෝ වෙනත් මාධ්‍ය ආයතන හෝ වාර්තා කර තිබෙනු අප නොදුටු අතර ත්‍රිවිධ හමුදාව ඉතාම සංයමයෙන් තම රාජකාරීන් මේ වන විටත් සිදුකරමින් රටටම ආදර්ශයක් වෙමින් සිටි.
කෙසේ වුවත් කුමන වැරදි අනාවරණය වුවත් ස්වාධීන නොවන මණ්ඩලයක් පත්කිරීමෙන් අවශ්‍ය දේ ඉටු නොවේ. පසුගිය කොරෝනා සමයේද ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ අඩු පාඩු සෙවීම සදහාද පත්කළ මණ්ඩලයේද රොෂාන් ගුණතිලක මහතාද සිටි අතර ඔහු නියෝජනය කලේ ගුවන් හමුදාවයි. එකල ගුවන් හමුදාධිපති වුයේ සුමංගල ඩයස් මහතාය. සුමංගල ඩයස් මහතා සහ රොෂාන් ගුණතිලක මහතා අයියා මලෝ මෙනි. එබැවින් එම කාලයේ ගුවන් හමුදා සාමාජිකයන්ට තිබු අඩු පාඩු පිලිබඳව සත්‍ය වාර්තාවක් ලබා දීමට කටයුතු නොකළ බව ගුවන් හමුදාවේ එම කාලයේ සේවය කල උදවිය ඉතාම හොදින් දනී.
කෙසේ නමුත් කල යුත්තේ සමස්ත සිද්ධි මාලාවම එකට ගොනු කරමින් විශේෂ පරීක්ෂණ කොමිෂමක් පත් කිරීමයි. මෙවැනි ස්වාධින නොවන සේම තමන් සේවය කල හමුදාවේම වැරදි අනාවරණය කිරීමේදී එම විශ්‍රාමික හමුදා නිලධාරින්ද අපහසුතාවයට ලක් වේ.
එම මණ්ඩලය හෙට රැස්වීමට නියමිත බවද “මව්බිම” වාර්තා කරයි.