ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ස්ථාන මාරු කර ඇත.
ඒ අනුව ආර්.එස්. දමින්ද දකුණු පළාතේ සිට නැගෙනහිරට, අජිත් රෝහණ අපරාධ සහ රථවාහන දිසාවේ සිට දකුණු පළාතට, ඩබ්ලිව්.කේ. සිල්වා නැගෙනහිර සිට අපරාධ සහ රථවාහන දිසාවටත් මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.