පසුගිය 9 වැනිදා කොළඹට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පාර්ලිමේන්තු මංත්රීවරුන්ගේ මැරයන් විසින් ගාලුමුවදොර පිටියේ පිහිටි අරගලයට පහර දීමත් සමගම ලංකාවම ප්රචන්ඩ විය. එසේ ප්රචන්ඩ වීමත් සමගම සිද්ධිය ඇති කල පක්ෂයට අයත් පාර්ලිමේන්තු මංත්රීවරුන් සහ ආධාරකරුවන්ගේ නිවාසවලට පහර දෙනු ලැබීය.
පසු ගිය යහපාලන රජය සමයේ පාර්ලිමේන්තුව තුලදී විපක්ෂ මංත්රීවරුන්ට මිරිස්කුඩු යෙදු වතුර වලින් පහර දුන් බවට චෝදන් ලත් මංත්රී ප්රසන්න රණවීර මහතාගේ නිවසටද අලාභ හානි සිදු විය.
එසේ විනාශ වු ප්රසන්න රණවීර මහතා පදිංචිව සිටී හුණුපිටියේ පිහිටි ඔහුගේ නිවස ගම්පහ දිස්ත්රික්කයේ ඔහුගේ ආධාරකරුවන් එකතුව ගොඩනැගීමට ආරම්භ කරන ලදී.