පසුගිය 09 වනදා කොළඹ ගාලුමුවදොර saha කොල්ලුපිටිය යන ප්‍රදේශයන්හි ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව එම කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.
එනම් මාධ්‍ය ඔස්සේ සදහන්ව අත්තේ එළඹෙන බදාදා දිනයේ එම කොමිසම හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි.
කෙසේ නමුත් එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.