ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණනාවක් ක්ෂණිකව ස්ථාන මාරුකිරීම් කර තිබේ.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැය 72 ක් ඇතුලත ස්ථාන තුනකට මාරු වීම් ලබා දුන්නේය. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක වසර තුනක් අතුලත ස්තානමරුවීම් 6 ක් ලබා තිබේ. පොලිස් වාර්තා වලට අනුව කෙටි කාලයක් තුල වැඩිම ස්තානමරුවීම් ලැබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ ද ඔහුය. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ටද එවැනි ස්තානමරුවක් ලැබුණි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මාස 5 ක් ඇතුලත ස්ථාන 6 කට ස්තාන මාරුකර යවා තිබේ. සීතාවක හිටපු පොලිස් අධිකාරිවරයෙකු ද ආදී නිලධාරීන් ගණනාවක්ම මෙසේ අයුක්ති සහගත ලෙස ස්ථාන මාරුවීම් ලැබූ අය වේ. අපට වාර්තා නොවන ස්තාන මරුවීම් තව ඕනා තරම් තිබිය හැකිය.
එම සියල්ලම එසේ තිබියදී රාජ්‍ය සේවා කොමිෂම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්තානමරුවීම් තුනක් පිලිබඳව පමණක් අවධානය යොමු කර තිබේ. එයින් කියවෙන්නේ 2020 නොවැම්බර් මාසයේ සිටම රාජ්‍ය සේවා කොමිෂම රාත්‍රී තද නින්දේ සිට එක් වරම රාත්‍රී නිදි ඇදුමද ගලවා දමමින් අවධි වි තිබෙන බවයි.
අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක ලේඛම්ව සිටියදී අජිත් රෝහනට නියෝජ්‍ය පොලිස්පති තනතුරු ලැබුනේ කෙසේදැයි ද, එම කාලයේ රාජ්‍ය සේවා කොමිෂම සිදුකලේ කුමක්ද යන්නද සමාජයේ දැඩි කතාබහකට ලක්විය. එම කාලයේ දේශපාලන පලිගැනීම් ලැයිස්තුවේ 84 දෙනෙකු සිටි අතර එහි 2 වැනි ස්ථානයේ ද සිටියේ අජිත් රෝහණය.
පොලිස් දෙපාර්තමෙන්තුවේ මේ වන විට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටින 17 දෙනෙකු සිටින නමුත් වසර දෙකක් ඉක්ම ගියද ඔවුන්ගේ ස්ථීර පත්වීම ලබාදීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා කොමිෂම් සභාව තවමත් අපොහොසත් වී තිබේ. නමුත් අජිත් රෝහණ මහතා වෙනුවෙන් උසස්වීම් ලබා දීමට සහ ඔහුද ඇතුලත්ව තිබෙන මෙම ස්තානමරුව ඇතුලත යම් දේශපාලන සබඳකමක් තිබෙන බවට පොලිස් පොඩ්ඩෝ මෙන්ම ලොක්කෝද සැක පහල කරයි.
එසේම රාජ්‍ය සේවා කොමිෂම වෙත රාජකාරි අවශ්‍යතා මත යොමු කර තිබෙන ලිපිද මාස ගනනක් පුරා ක්‍රියාමාර්ග නොගෙන තබා ගන්නා බවද වාර්තා වේ.
එසේම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සෙබස්තියන් ෆර්නැන්ඩෝ වැනි නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨතම නිලධාරින් වුවත් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔවුන්ගෙන් ලබා ගත යුතු සැබෑ සේවය ලබා ගන්නේද? යන්න සැක සහිතය. ඒ පිලිබඳවද සොයා බැලිය යුත්තේ රාජ්‍ය සේවා කොමිෂම නොවේද?.
එසේම පොලිස් දෙපාර්තමේන්තුව තුල නීතිපති විසින් අත් අඩංගුවට ගැනීමට නියෝග කලද තවමත් අත් අඩංගුවට ගෙන නැති ජේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සිටිති. ඒ දේශබන්ධු තෙන්නකොන් මහතා සමග තවත් දෙදෙනෙකි. එසේම එසේ චෝදනා තිබියදී ඔවුන්ට උසස්වීම් ද ලබා දී තිබේ. එසේම පොලිස් පොඩ්ඩන්ට ද දැඩිව එවැනි සිදුවීම් සිදුව තිබේ. මේවා පිලිබදවද සොයා බලා කටයුතු කල යුත්තේද රාජ්‍ය සේවා කොමිෂම නොවේද?. එසේම බාලවයස්කාර දැරිවියක් අපයෝජනය කල වැඩ තහනමට ලක්ව සිටි ඇඹිලිපිටීය කැටගල් ආර විදුහලේ විදුහල්පති වූ පුෂ්පකුමාර හට නැවතත් ඇඹිලිපිටීයේ කාවන්තිස්ස්ස පුර නමැති විදුහලාක් විදුහල්පති තනතුරකට නැවත පත් කලේ කෙසේද?. මෙම කොමිෂමේ වැරදි අඩු පාඩු ඕනා තරම් අප සතුව තිබේ.
මේ ලියුම්කරු ද මීට පෙර අවස්තාවක රාජ්‍ය සේවා කොමිෂම් සභාව අමතා රත්නපුර දිස්ත්‍රික් ලේඛ්මට සහ වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේඛම්වරයෙකුට විරුද්ධව පැමිණිලි කර තිබේ. ඒ මීට අවුරුදු 4 කට පමණ පෙරය. ලිඛිතව සිදුකරන ලද පැමිණිල්ලකටවත් ක්‍රියාත්මක නොවූ මෙම කොමිෂම මාධ්‍ය වාර්තා වලට ඇහුන් කන් දෙන්නේ නම් අප ඉහතින් සදහන් කරන ලද ජේෂ්ඨ පොලිස් නිලධාරින් පිලිබඳව වාර්තා කරන විට මෙවැනි කොමිෂන් සභාවක් සිටියේ මේ ශ්‍රී ලංකාවේ නොවේද?. එසේ නොමැතිනම් මෙම නිලධාරින්ගෙන් කවුරුන් හෝ පුද්ගලයෙකු කොමිෂන් සභාවේ නිලධාරියෙකු සමග දැඩි හිතවත් කමක් තිබිය යුතුය. අපගේ සැකය දිව යන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙතය. අපට වාර්තා වන ආකාරයට අනෙක් දෙදෙනාට මෙම ස්තානමරුව පිලිබදව කිසිදු ගැටළුවක් නැත.
ශ්‍රී රාවණා සටහන
කෙසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 (11) වැනි වගන්තියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් රාජ්‍ය සේවයට අයත් වේ. ඔවුන් ජනාධිපතිවරයා විසින් පත් කලද ඔවුන් සේවය කරන තාක් කල් රාජ්‍ය සේවා ඝනයට අයත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ( 11 ) වගන්තියට අනුව ඔවුන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ IX වැනි පරිච්චේදයට අයත් වේ. එසේම මෙම සිද්ධිය නිසා වර්තමාන රජයට මෙන්ම ජනාධිපතිවරයාට දැඩි අප්‍රසාධයක් ඇතිව තිබේ. හේතුව නම් අප මුලින් සදහන් කල පරිදි අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් දෙස නොබලා අවසානයේදී සිදු වූ සිදුවීම දෙස පමණක් මෙම කොමිෂම අවධානය යොමු කර තිබීමයි. ඒ අනුව මෙම කොමිෂමේ සාමාජිකයන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 162 වැනි වගන්තිය ප්‍රකාරව වරදක් කර තිබේ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 (1) වගන්තියට අනුව කොමිෂමේ බලය අමාත්‍යංශ ලේඛම් වෙත පවරා තිබේ. එසේ කල විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 60 වැනි වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58 (1) සහ (2) ජේදවල සදහන් කටයුතු ඉටුකිරීම නොකළ යුතු බව සඳහම්න් වේ. එසේම රාජ්‍ය සේවා කොමිෂමේ බලය අයුතු ලෙස භාවිත කර තිබෙන්නේ නම් කුමක් කල යුතුද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් නොවන අතර එවැනි විමසීමක් කිරීමක් පිළිබඳවද සදහන් කර නැත. එසේම තම අධීක්ෂණය යටතේ කටයුතුකල යුතු බව ද සදහන් නොවේ.
වෙනත් කුමන නීතියක් කුමක් සදහන්ව තිබුනත් ඉහලින්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැවින් එහි සදහන් නොවන කාරනා වලට ඉහලින් යමින් නීති සම්පාධණය කල නොහැක. එසේ නම් රට පතව් තිබෙන අසීරු තත්වය ගැන නොසිතා මෙසේ ලිපියක් යොමු කිරීමෙන් අනෙකුත් අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේ. නමුත් නඩු කටයුතු වලින් ඔවුන්ව මුක්ත කර තිබේ. නමුත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කල හැකිය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේම සදහන් වේ. එසේම ඔවුන්ගේ මෙම ක්‍රියාවලිය නිසා ජනාධිපතිවරයා මෙන්ම රජයද නැවත නැවතත් ජනතාව ඉදිරියේ විහිළුවකට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා පොලිසියේ දේශපාලන වහල් භාවය සහ නිල ඇදුම් ඇදගෙන අමු අමුවේම දේශපාලනය කරන පොලිස් නිලධාරින් සිටිනා තාක් කල් ශ්‍රී ලංකාවට යහපතක් නොවන අතර යමෙක් මාධ්‍ය සමග හෝ මාධ්‍යවේදීන් සමග කුළුපග වූ පමනින් මෙරට පවතින නීතියට ඉහලින් යාමට සැරසෙන්නේ නම්, ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට කිසිදා යහපතක් සිදු නොවේ.