මගීන් 200 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන අද (02) දහවල් 12.50 ට පමණ මොස්කව් බලා පිටත්ව යාමට තිබු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් නියෝගයක් නිකුත කර තිබේ.
අද උදැසන 10.10 ට මොස්කව් සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්. යු – 288 අංක දරන මෙම ගුවන් යානයට රටින් පිටවීම වරණය කරන ලෙස ඉල්ලා අයර්ලන්ත ගුවන් සමාගමක් වන සෙලෙස්ටියල් එවියේෂන් සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණය මගින් මෙම ඉල්ලීම කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. මේ වන විට ගුවන් ගත වීමට පැමිණ සිටි පිරිස් අවට හෝටල් වෙත යැවීමට කටයුතු කර තිබෙන අතර මෙයට හේතුව වී ඇත්තේ මෙම සමාගම් දෙක අතර තිබෙන ගනුදෙනු ප්‍රශ්නයකි. ගැටලුව නිරාකරණය කර යානය පිටත්කර හැරිම සදහා ගුවන් තොටුපල ප්‍රධානීන්, නෙතිපති දෙපාර්තමේන්තුව මෙන්ම එරෝෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරින්ද සාකච්චා කරමින් සිටින බව වාර්තා වේ.