විදුලි බලමණ්ඩල පනත සම්මත කිරීමට ඉඩ දිය යුතු බව විදුලි බල මණ්ඩලයේම ඉංජිනේරු වරු ප්‍රකාශ කරයි. එසේම තවත් සමහරු ප්‍රකාශ කරන්නේ මෙය සම්මත කිරීම අපරාධයක් බවත්, අප රටේ සම්පත් අපටම විකුණා ඉන්දියාවට මුදල් යැවීමට ගන්නා උත්සාහයක් බවත්, ඉන්දියාවේ අදානි සමාගමට මෙය විකිණීම සදහා එම පනත වෙනස් කරන බවද සදහන් කරයි.
කෙසේ වුවත් අප රටේ සම්පත් සුරකෂා කිරීම අප සියලුම දෙනාගේම වගකීම වන අතර මේවායෙහි සත්‍ය කතාව සොයා බලා ජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් කල යුතුය. අත යට ගනුදෙනු මත මේවා සිදුවන්නේ නම් ඒවාට වගකීමට සියලුම මන්ත්‍රීවරුන්ට සිදු වේ.