ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික බිදවැටීමත් සමගම දේශපාලනමය වශයෙන්ද බිඳ වැටී තිබේ. එම කොටස් දෙකම බිඳ වැටීමත් සමගම සමාජමය බිඳ වැටීමද සීග්‍රයෙන් සිදුවෙමින් පවතී.
පසුගියදා ගාලු මුවදොර පැවති සාමකාමී අරගලයට පහර දීමත් සමගම ශ්‍රී ලංකාවම ප්රචණ්ඩ විය. නමුත් ශ්‍රී ලංකාවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුයේ නැත. අරගල බුමියේ සිටි පුද්ගලයන්ට ම්ලේච්ඡ ලෙස පහරදීමත් සමගම ශ්‍රී ලංකාව පුරාම ක්ෂණික කෝපයෙන් ඇල්ලී ගියේ ආර්ථිකමය වශයෙන් පැවති බිදවැටීම ජනතාවට දරා ගැනීමට නොහැකිව තිබු නිසාය. ශ්‍රී ලංකාවේ සතර දිශාවේම ජනතාව ජීවත් වුයේ අරගලය සමගය. නමුත් එරට නීතිය ක්‍රියාත්මක වුයේ අමුතුම ආකාරයකිනි. නීතියට අනුව කිසිම පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නොහැකි නමුත් අරගලයට පහර දුන් පුද්ගලයන් පමණක් අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුව තිබුණි. නමුත් එතැනදීද සිදු වුයේ තවත් 2000 කට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන අපරාධකරුවන් කොටසක් සමාජයට මුදා හැරීම පමණි .
මේ සමස්ත බිඳවැටීම් හමුවේ සතියක් ඇතුලත නාදුනන තුවක්කු කරුවන්ගේ වෙඩි තැබීම් වලින් මත්ද්‍රවය සහ විවිධ කාරනා වලට රජයට සහ ආරක්ෂක අංශවලට සහයෝගය දුන් ඔත්තුකරුවන් සහ නඩුවලට සම්බන්ධ ඔත්තුකරුවන් 5 දෙනෙකු මරා දමා තිබෙන බව “ අරුණ පුවත්පත” වාර්තා කර තිබේ. එසේම එහි වැඩි දුරටත් සදහන් වන්නේ මත්ද්‍රවය පිලිබදව විමර්ශනය කරන නිලධාරින්ද ඝාතනය කිරීමට අදාළ අපරාධකරුවන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. සම්පූර්ණ පුවත පහතින බලන්න.