ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා දිනෙන් අනාවරණය වෙමින් දූෂණය නොවූ ආයතනයක් සොයා ගැනීමට නොහැකි තත්වයට පත්වෙමින් තිබේ. මහාපරිමාණ වංචා දූෂණ කෝප් කමිටුවෙන් අනාවරණය වෙමින් පවතිද්දී අනාවරණය නොවුණු වංචා සහ දූෂණ දහස් ගනනක විය හැකි බවට අනුමාන කිරීමට හැකියාව තිබේ.
මිනිසුන්ට බෙහෙත් නැතිව තිබියදී අසමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වංචනික ඖෂධ මිලදී ගැනීම්, බිලියන් ගනනින් කල් ඉකුත් වූ බෙහෙත් වර්ග අතරේ කල් පැනගිය බවට කියවෙන පරිඝණක පද්ධතියක්ද, එයින් වංචා කල මුදල මිලියන 500 කට ආසන්න බවද අප වාර්තා කරන ලද්දේ මිල ගන්නද සමගය.
පරිඝනක පද්ධතියක් යල් පැන නොයන නමුත් දිනපතා යාවත්කාලින කල යුතුය. නමුත් නව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ඒ පිලිබදව ඉගෙන ගෙන නැතිබව පෙනෙන නමුත්, අනාවරණය වූ වංචා දූෂණ පිලිබදව නිසි පිළිතුරක් ලබා දීමටද ඔහු අසමත් විය. නමුත් ඊ වීස් සමාගම එය මැනවින් නිවැරදිව ප්‍රසිද්ධ කරන ලදී.
ඒ අතර නව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අලුතින් පරිඝනක පද්ධතියක් වෙනත් ආයතනයකින් මිලදී ගැනීමට සැරසෙන බව අනාවරණය වන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඊ විස් සමාගමේ සභාපති සමග අද අන්තර්ජාල නාලිකාවක පැවති සම්මුඛ සකච්චාවකදීය.
එහිදී නව සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් විවිධ දූෂිත ක්‍රියාවන් සිදුකරමින් සිටින බවද, ඔවුන්ගේ බොරුව වසා ගැනීම සදහා කටයුතුකරමින් සිටින බවද අනාවරණය කරන ලදී. සම්පූර්ණ වැඩසටහන බලන්න.
මෙම පුවතට අයත් මීට පෙර පුවත