අද උදෑසන ගොඩකවෙල සිපෙට්කෝ ඉන්ධන හලේදී ගොඩකවෙල වැඩ බලන පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරියට බාධා කරමින් ඔහු දෙසට පිරිසක් කඩා පනිමින් ඔහුට තර්ජාන්තමකව සිදුවීමක් සිදු වී තිබුණි.
අප වාර්තාකරු සඳහන් කරන ආකාරයට දින ගනනාවක් පුරා එම ප්‍රදේශයේ සාමකාමී ජනතාව ඉන්ධන ලබා ගැනීම සදහා රැදී සිටී. ඔවුන් රාත්‍රියට නිදාගෙන තිබෙන්නේ කඩපිල් වලය. ඉන්ධන ලබා ගැනීමට සාමකාමිව පැමිණෙන ජනතාවට බාධාකරමින් ඉතාම පහත් ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් කිහිපදෙනෙකු නිසා එම ප්‍රදේශයේ තිබෙන ඉන්ධන හල් දෙකම නිරන්තරයෙන්ම ගැටුම් ඇතිව තිබෙන්නේ ඉන්ධන බෙදා හැරිමේදීය. ඒ පෝලිම් වලට පිටින් පැමිණෙන විවිධ පුද්ගලයන් නිසාය.
එසේ අකටයුතුකම් සිදුකරන පුද්ගලයන් කිහිපදෙනෙකු ඉන්ධන ලබාගෙන ඉන්ධන හල තුලදීම ඉන්ධන බෑමක් පිලිබදව වීඩියෝ කරන ලද මාද්යවේදියෙකුටද පසුගිය දා පහර දී ඔහුගේ වීඩියෝ උපකරනවලටද හානි සිදුකර තිබුණි. ඒ පිලිබඳව ඔහු ගොඩකවෙල පොලිස් ස්ථානාණය වෙත පැමිණිලි කර තිබේ.
එවන් පසුබිමක අද (23) වන විටත් දින ගනනාවක් ඉන්ධන ලබා ගැනීම සදහා ඉන්ධන පෝලිම්වල රැදී සිටි ජනතාවට හොරෙන් වෙනත් මාර්ගයකින් ඊයේ රාත්‍රී යතුරුපැදි 50 ක් පමණ මෙම ඉන්ධන හල වෙත ඇතුල් කර තිබේ. උදෑසන ඉන්ධන බෙදා හැරීමට පෙර දින ගනනාවක් ඉන්ධන පෝලිමේ රැදී සිටි ජනතාව මෙය දැක එම යතුරු පැදි එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්වීය. නමුත් එම යතුරුපැදි තුල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ ද යතුරුපැදියක් තිබු අතර ඔහුගේ එම යතුරුපැදිය පෙරදින ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිමේ පැමිණ ඉන්ධන නොමැතිවීම නිසා ඉන්ධන හල තුලම රදවා ගොස් තිබේ. හොර රහසේම ඇතුල් වූ පුද්ගලයන් නිසා එම ව්‍යාපාරිකයාටද ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වූ බැවින් කුපිතව සිටි ජනතාව ඉවත්කිරීමට කටයුතු කරන ලද්දේ ඔහු විසිනි. කුපිතව සිටි ජනතාවට බැනවදිමින් ඉවත්කරමින් පැමිණි ඔහු එම කටයුත්ත සිදුකරන විට ගොඩකවෙල පොලිස් ස්තානාධිපතිවරයා නොසිටි අතර ඔහු කෑ ගසමින් පමිණෙන විට වැඩබලන ස්තානධිපතිවරයා විසින් ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ඔහුව ඉවත් කිරීමට කටයුතු කරනා විට ස්තානාධිපතිවරයාට තර්ජනය කරමින් ඔහුට බලපෑම් කරමින් කටයුතු කරන්නේ ඉන්ධන පෝලිමේ නොසිට නොහොබිනා ලෙස කටයුතු කල ජනතාව කුපිත කරවීමට කටයුතු කල පුද්ගලයන්ය.
මෙලෙස සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සියලුම දෙනාට ඉන්ධන ලබා ගැනීමට හැකි වන ලෙස යතුරු පැදියකට 2000 ක් සහ ත්‍රිවීල් රථයකට 3000 ක් ලෙස ලබා දීමට හැක්වන ලෙස සියලුම කටයුතු සාමකාමීව කරගැනීමට කටයුතුකළ පොලිස් නිලධාරියාගේ ඉවසීමේ ගුණය ඉහලින්ම තිබු නමුත් ගොඩකවෙල නගරයේම වැසියන් මෙන්ම ඉන්ධන පෝලිමේ රැදී සිටි ජනතාව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි. එය එසේම කල යුතු බවට අපගේද මතය වේ.
අසාධාරණ ලෙස කටයුතු කරන පුද්ගලයන් තාවකාලික චන්ඩින් පමණි. ඔවුන්ගෙන් සිදුව තිබෙන්නේ සමාජයට අකටයුත්තක් පමණි. අනෙකුත් පුද්ගලයන් සියගණනක් පෝලිමේ පැමිණෙද්දී, පෝලිම අමතක කල නැහැදුනු ජනතාවක් නිසා සමස්ත ලංකාව පුරාම ජනතාව පීඩාවට පත්ව තිබේ.
ශ්‍රී රාවණා සටහන.
මේ අවස්ථාවේ ඉන්ධන ලබා ගැනීමට සාමකාමී ලෙස පැමිණි ජනතාව එම අවස්ථාවේ එහි රැදී සිටියේ නම් එම ජනතාව පෙනීසිටින්නේ පොලීසිය වෙනුවෙනි. එසේ වුවා නම් සාමය ආරක්ෂා කරගැනීමට වෙඩි තැබීමට සිදුවන්නේ යුධ හමුදාවටය. ඔවුන්ගේ අයහපත් හැසිරිම නිසා සහ පොලිස් ස්තානාධිපතිගේ ඉවසීම නිසා ආරක්ෂක අංශවලට එරෙහිව ජනතා නැගී සිටීමක් සිදුවීමට තිබු ඉඩකඩ ඇහිරී ඇත්තේ දශම ගානකිනි.
කෙසේ වුවත් මාධ්‍යවේදීන්ට ද පහරදීමට මෙන්ම පොලසියටද සෙල්ලම් දැමීමට ඉඩ දීමෙන් ඔවුන් සාමාන්‍ය ජනතාවට එරෙහිව කටයුතු කරන්නේ ද පහත් අකාරයටය එබැවින් තව තවත් චන්ඩින් බිහිවීම වලක්වාගැනීමට නම් පසුගිය දින දෙක තුල සිදු වූ සිදුවීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.
ඒ අනුව වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සස්මේන්ද්ර මහතා හට පහරදීමක් සහ බලපෑම් කරන මෙම සිද්දියට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 100, 108, 110, 120, 138,139, 149, 150,156, 183, 184,186, 220, 261, 341, 344, 408 ආදී වගන්තිවලින් ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු පැවරිය යුතුය.
කිසිවක් නොකර පොලීසිය බලා සිටින්නේ නම් එයින් සිදුවන්නේ දිගින් දිගටම පොලිසියට මෙන්ම ජනතාවටද ඔවුන් තර්ජනය කිරීමයි. ගොඩකවෙල නගරයේ නිතිය සහ සාමය ආරක්ෂා කිරීමට නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය.
ඇඹිලිපිටිය කොඨිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමනි. මේ ඔබේ අවධානය පිණිසයි. ගොඩකවෙල පොලිසිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත සිදුකරන තෙක් අපද බලා සිටිනෙමු.