අද මේ මොහොත වන විටත් ශ්රී ලංකාවේ පාලක පන්තිය මෙන්ම සමහර ආරක්ෂකද ක්රියාත්මක වන්නේ ජනතාවට එරෙහිවය. ශ්රී ලංකා පොලිසියද මේ වන විට ක්රියාත්මක වන්නේ නීතිවිරෝදී සන්නද්ධ පාතාල සාමාජිකයන් ලෙසිනි. මෙහි අවසානය කුමක් වේවිදැයි සිතාගැනීමට පවා නොහැකි ලෙස දිනෙන් දිනම ගැටළු ගනනාවකට මැදි වෙමින් පවතින්නේ ජනතාව මෙන්ම නීතිවිරෝදී ලෙස කටයුතු කරන පොලිසියේ නිලධාරින්ය.
ඒ අතර ඉන්ධන මිල ඉහල යාමට සමගාමිව විදුලි ගාස්තු සංශෝධනයක් කඩිනමින් නොකරන නමුත් ජනතාවගේ මතය විමසා එය සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.
එසේ ම, මෙම විදුලි සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ඉදිරිපත් කිරීම සඳහාද අද (ජූනි 28) සිට දින 21ක කාලයක් මහජනතාවට හිමිවන බව ත් ඊට අදාළ යෝජනා විද්යුත් තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකි බව ඔවුන් පවසන්නේ රෙද්දක් ඇදගෙනද යන්න අපද පෙරලා ඔවුන්ගෙන් ප්රශ්න කරන්නෙමු.
මහජන අදහස් ගන්න ෆැක්ස්, email කරන්න දන්නේ මෙරට ජනතාවගෙන් කීයෙන් කි දෙනාද?. මේ රාජ්ය ආයතනවල සුඛ විහරණය කෙතරම්ද යත් ජනතාව විදින පීඩාවවත් ඔවුන් තවමත් හදුනාගෙන නැති බව පැහැදිලිය.
කන්න, අදින්න නැති, දුක් විදින ජනතාව අතරේ සංස්ථාපිත, මණ්ඩල සහ බැංකු ක්ෂේත්රයේ රාජ්ය සේවකයන් ලබා ගන්නා දැවැන්ත වැටුප හමුවේ ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බව පැහැදිලිය. එසේම පාලාක් පන්තියටද බොහෝ දේවල් නොතේරෙන බවද අමුතුවෙන් සදහන් කල යුතු නොවේ.
රජයක් ලෙස ජනතාව කුපිතකරමින් කරන සියලුම වැඩකටයුතු වල විරාමයක් තැබිය යුතුය. රාජ්ය නිලධාරින් තමන්ගේ කටයුතු සිදුකල යුත්තේ ජනතාවගේ කරමතින් ගොස් තමන්ගේ වැටුප් ආරක්ෂා කරගැනීම නොවේ. එබැවින් අප විසින් , යෝජිත විදුලිය වැඩි කිරීමට දැඩි විරෝදය පළකර සිටිමු. විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව කුපිත වීම් සහ පීඩා වීම් සිදු වුවහොත් එයට වගකිව යුත්තේ ජනාධිපති හෝ රජය නොවේ. මේ යෝජනාව ජනතාවට ගෙන එන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඇතුළු නිලධාරින්ය.