මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳව ලේකම්වරයෙකු බව කියවෙන පුද්ගලයෙකු නුගවෙල ට්‍රාන්ස්පෝර්ට් නමැති ව්‍යපාරයක හිමිකරුවෙකුට තර්ජනය කර තිබේ.
අපට වාර්තාවන ආකාරයට සහ ලැබී තිබෙන තොරතුරුවලට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පෙරහරට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීම සඳහා ලීටර් 33000 තැන්පත් කල හැකි ඉන්ධන ටැංකි දෙකක් ඉල්ලයි. එහිදී දලදා මලිගාවේ දියවඩන නිලමේගේ ලේකම්වරයෙකු බව පවසමින් ඔහුගේ නමද, තනතුරද සදහන් කරමින් තර්ජනාත්මක ස්වරූපයෙන් චරිත නුගවෙල නැමති අයෙකුගෙන් එම ඉන්ධන ටැංකි 2 ඉල්ලයි. එහිදී මාස තුනක් එම ටැංකි තබා ගන්නා බවද, මිල ගනන්ද විමසයි. චරිත නුගවෙල නමැති අය තමන්ගේ මිල ගනන්ද ඉදිරිපත් කර තිබෙන නමුත් එම මාස තුන සදහා ඉන්ධන ටැංකි නොමිලේ ලබා දෙන බවද පවසා තිබේ.
කෙසේ හෝ ඒ සදහා ඔහුගෙන් බිල් පත්‍ර ඉල්ලා තිබෙන අතර බිල් ලබා නොදෙන බවද පවසා ඇති අතර එහිදී නොමිලේ ලබා දෙන ඉන්ධන ටැංකි සදහා බිල් අවශ්‍ය වන්නේ කුමටද යන්න ඔහු පෙරලා ප්‍රශ්න කර තිබේ.
ඉන්ධන ටැංකි 2 ක් යනු ලීටර් 66000 කි. පෙරහරක් සදහා ඉන්ධන කුමකටද?. ඉන්ධන අවශ්‍ය වුවත් ලීටර් 66000 ක් කුමකටද?. එසේම මෙම දළදා මාලිගාවේ සේවය කරන බොහෝ සේවකයන් කටයුතු කරන්නේ බුදු දහමට මෙන්ම ශ්‍රී දළදා මාලිගවටද අගෞරවයක් වන ලෙසිනි. ඔවුන් බොහෝ ස්ථානවලට බලපෑම් කරනුයේ දළදා මාලිගාවේ නම භාවිතා කරමිනි. පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම වෙබ් අඩවියේ තොරතුරුද ඔවුන් ලබාගෙන තිබුනේ දළදා මාලිගාවේ නම භාවිතා කරමිනි. එයට විරුද්දව ශ්‍රී දළදා මාලිගාවේ සේවකයන් කිහිපදෙනකුට නඩු පැවරීමටද මේ වන විට කටයුතු කරමින් සිටි.
ඔවුන් බොහෝ දෙනෙකු පොලිසිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවලටද විවිධ බලපෑම් කරනුයේ දළදා මාලිගාවේ නම භාවිතා කරමිනි. ඒවාට විරුද්ධව යොමුකර තිබෙන පැමිණිලි පවා විභාග නොකර යටපත් කරනුයේද ඔවුන්ගේ බලපෑම් නිසාය. කෙසේ වෙතත් මේ වන විට ඒවාට විරුද්ධව ජනතාව ටිකෙන් ටික නැගිටිමින් සිටි. එසේම විවිධ නීතිමය කටයුතුද සිදුවෙමින් පවතී. ආගමක්, දහමක් නොදන්නා එහි බොහෝ සේවකයන් නීතියට හෝ ගරු නොකරති. එහෙත් එසේ හැසිරෙන්නේ ඉතාම සුළු පිරිසකි.