අප ඊයේ (01) උදැසන වාර්තා කරන ලද වීරකැටිය ඩි. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ අවුරුද්දක් පාසල් පැමිණීමට ඉඩ ලබා නොදුන් සිසුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ නින්දා සහගත මෙන්ම එවැනි දරුවන් පාලනය කිරීමට නොදන්නා කම හේතුවෙන් අද දහවල් වන විට එම දරුවාට වීරකැටිය පොලීසිය මගින් පහර දී තිබේ.
ඔහුට සිදු වූ අසාධාරණය වෙනුවෙන් කල යුතු නීතිමය කටයුතු සිදුනොකිරීමත්, නීතිමය කටයුතු කිරීමට නීතියක් ශ්‍රී ලංකාවේ නැති බවට ළමා ආරක්ෂක අධිකාරියේ සංජීවනී නමැති නිලධාරිනියක් පැවසීමත්, එම සිසුවාගේ පියා නොකළ ප්‍රකාශයක් කල බවට පැවසීමත් නිසා එම ශිෂ්‍යා සිදුකරගෙන ගිය සියලුම කටයුතු නවතා දමා යුක්තිය ඉල්ලා පොලිසියට පැමිණි අවස්ථාවේ මෙම පහර දීම සිදුව තිබේ. එසේම දරුවා පොලිසිය තුල කුමන ආකාරයකින් හැසිරුනත් ඔහුගේ හැසිරීම එසේ සිදුවන්නේ ඔහු වෙනුවෙන් විය යුතු යුක්තිය තවමත් ඉටු නොවීමයි. එහි වගකීම වීරකැටිය පොලිස් ස්තානධිපතිටත් ළමා ආරක්ෂක අදිකරියටත් ගැනීමට සිදු වේ.
තමන්ගේ යුක්තිය වෙනුවෙන් යුක්තිය ඉල්ලන මුල් අවස්ථාවේම ඔහු වෙනුවෙන් කල යුතු නීති කෘත්‍ය නොකිරීමේ පලය පොලිසියට ලැබෙන්නේ නින්දා සහගත ලෙසය. කෙසේ නමුත් අද වීරකැටිය පොලිස් ස්ථානය තුලදී සිදුවන සිදුවීමට හේතුව එම දරුවා පාලනය කිරීම සදහා ගත් උත්සාහයක්ද විය හැකිය. නමුත් අදාළ විදුහල්පතිට සහ වගකිව යුතු ගුරුවරුන්ට මුල්ම අවස්ථාවේම නීතිය ක්‍රියාත්මක කලේ නම් මෙම දරුවාට අද මෙවැනි තත්වයක් සිදු නොවනු ඇත. එසේම වීරකැටිය පොලිස් ස්ථානාධිපති මෙම දරුවාගේ බෙල්ලෙන් අල්ලා කනට ගසයි යනුවෙන් අපට ලිවීමටද සිදු නොවනු ඇත. එසේම මුල් අවස්ථාවේ සිදුවීමට නිතිය ක්‍රියාත්මක කලේ නම් අද මේ දරුවා පොලිසියට නොයනු ඇත. වීරකැටිය පොලිස් ස්ථානාධිපති සහ ළමා ආරක්ෂක අධිකාරියේ වගකිව යුතු සියලුම දෙනා දැනගත යුත්තේ ඔවුන් සමාජයට දායාද කිරීමට සැරසෙන්නේ කුමන අකාරයේ දරුවෙක්ද යන්න පිලිබදව මොලයෙන් කල්පනා කර තීරණයක් ගැනීමයි.
මාද්‍ය සහ මේ දරුවා වෙනුවෙන් පෙනී සිටින එක්ෂත් මානව හිමිකම් සංවිධාන නොතිබුනේ නම් ඔහු මේ වන විට දිවි අහිමිකරගෙනය. එසේ නොමැතිනම් ඔහු අපරාධකාරයෙකු ලෙස සලකා පරිවාසගත කර තිබේ. කෙසේ නමුත් මේ වන විට එම දරුවා අගුනකොල පැලැස්සේ බන්ධනාගාරයට බාර දී තිබේ. ඒ ලබන සදුදා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත්කරන තෙක්ය.
ඔහුගේ නැති වූ අධ්‍යාපනය වෙනුවෙන් එම සංවිධාන මේ වන විටත් බොහෝ දේ කර තිබුනත් ළමා ආරක්ෂක අධිකාරිය කිසිවක් සිදුකර නැති බවද සදහන් කල යුතුය. එසේම ඔහු නිවුණු පුද්ගලයෙකු බවට පත් කිරීමේ ප්‍රථම පියවර ලෙස අදාල විදුහල්පති මෙන්ම ගුරුවරුද නීතිය හමුවට යොමුකළ යුතුය. එසේම එම දරුවාගේ ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් වීරකැටිය පොලිස් ස්තානාධිපතිටද එම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරින්ටද එම වගකීම ගැනීමට සහ ඒවාට දඩුවම් විදීමටද සිදුවනු ඇත. එබැවින් ඔවුන් කල යුත්තේ එම දරුවාට සිදුකල අකටයුත්තට එරෙහිව විදුහල්පති සහ අනෙකුත් ගුරුවරුන් අධිකරනයට ඉදිරිපත් කිරීමයි.