ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යවාදී ආක්රමණයත් සමගම සිංහල ජාතිය විසින්ම ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඉතිහාසය පාවාදීමේ පුවත එරට වැසියන්ගේ ජීවිතවලට නැවතත් අලුත් කතාවන් සියගණනක් එකතුවෙමින් තිබේ. ඒ මේ වෙද්දීත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ එහි තිබෙන වටිනාකියන සියලු සම්පත් විදේශ රාජ්‍යන් වලට නීත්‍යානුකූලව විකිණීමයි. එසේ විකිණීමෙන් කෝපයට පත් ජනතාව වීථි බැස සටන් කරන්නේ ඒවාට ද විරුද්දවය. එසේම ජනතාව මහපාරට ඇද දැමු පාලකයන්ගේ මෙන්ම ඔවුන්ගේ අනෙකුත් සහචරයන්ගේ දේශීය විදේශීය වත්කම් සෙවීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් විසිනි.
මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල විසින් මීට අවුරුදු කිහිපයකට පෙර අධිරාජ්‍යවාදීන් විසින් විනාශ කරන ලද ශ්‍රී ලංකාවේ පැරණි සිංහලයන් සොයාගෙන යාමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ බව අනාවරණය වන්නේ පසුගිය දිනක චමුදිත සමරවික්‍රම මහතා සමග හේමමාලා සහ දන්ත කුමරුගේ පරම්පරාවෙන් පැවත එන බව කියවෙන කීරවැල්ලේ වසන්ත සෙනෙවිරත්න මහතා පැවති අන්තර්ජාල නාලිකාවකදී පැවති සම්මුඛ සාක්ච්චාවකදීය.
එහදී එම පරපුර හදුනාගැනීමේ වැඩපිළිවෙල සදහා අවශ්‍ය කටයුතු කිරීමට ලිපිලේඛන සකසා පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත ඉදිරිපත්කර තිබෙන්නේ ප්‍රදීප් නිලංග දෑල විසින් බව කීරවැල්ලේ වසන්ත සෙනෙවිරත්න මහතා අදහන කරන ලදී.
එහිදී පැරණි ලේඛනවලට අනුව දියවඩන නිලමේ නමින් තනුතුරක් නැති බවද, එවැනි තනතුරක් තිබේනම් සතියක් ඇතුලත ප්‍රධාන මාධ්‍ය ඉදිරියේදී ඔප්පුකර පෙන්වන ලෙසද, ඒ සදහා විවෘත සාකච්ඡාවකට ප්‍රදීප් නිලංග වෙත ආරාධනා කරන ලදී. එසේම දියවඩන නිලමේ තනතුර මංකොල්ලයක් බවද දළදාවහන්සේගේ රාජකීය උරුමය ඝාතනය කර රදල උරුමයක් බවට පත්කල මහපොලව නුහුලන අපරාධයක් බවද සදහන් කරන ලදී.
එසේම දියවඩන නිලමේගේ දූර කාලය 2024.07.01 දින දියවඩන නිලමේගේ දූර කාලය අවසන්වන බවද, නැවත නිලවරණ පැවැත්වීමට කටයුතුකළහොත් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පවරන බවද සදහන් කල ඒ මහතා ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාවේ සිදුකර තිබෙන වංචා සහ දූෂණ මෙන්ම අක්‍රමිකතාද ඒවාට විරුද්ධව කටයුතු කර තිබෙන ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ මහතා, නිහාල් පර්ඩිනැන්ඩර්ස් මහතා, ඩීමන් ආනන්ද මහතා වැනි අය කර තිබෙන පැමිණිලිද සිහිකරමින් ඒවාට ගත යුතු ක්‍රියාමාර්ගද මේ වන තෙක්ම ගෙන නැති බවද අවධාරණය කරන ලදී.
එසේම ගලබොඩ ඇත්තේ ඥානසාර හිමි පවා මීට බොහෝ කාලයකට පෙර දියවඩන නිලමේ සිදුකර තිබෙන අක්රමිකතාවලට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් පවා පත්වමින් ඔහු ජාතියෙන් සමාව ගත යුතු බවද නිවේදනය කරන ලදී. නිලවරණය වෙනුවෙන් තම චන්ද දායකයන්ට ත්‍යාග ලබා දුන් බවටද ඔහු ප්‍රකාශ කර තිබේ. එසේම බුදු දහම විනාශ කිරීම සදහා කර තිබෙන කටයුතු ද විශාල ප්රමාණයකි. කෙසේ වුවත් ඒ අතරේම සුද්දාගෙන් ජීවිත බේරාගැනීම සඳහා පලාගිය බුදුරජාණන් වහන්සේගේ වහන්සේගේ ඥාතී පරපුරක් සෙවීම සදහා ඔහුගේ මැදිහත්වීම විශේෂ කොට සැලකිය යුතුය.
සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.