මේ වන විට රට තුල උද්ගතව තිබෙන අවාසනාවන්ත තත්වය යටතේ රාජ්‍ය ආයතන පවා සාමාන්‍ය ජනතාව පීඩනයට ලක් කරන බව අමුතුවෙන් සදහන් කිරීමට අවශ්‍ය නැත. විවිධ රාජ්‍ය ආයතන සාමාන්‍ය ජනතාවගේ බෙල්ල මිරිකමට විවිධ උපක්‍රම භාවිතා කරන අතර ව්‍යාපාරිකයන්ද එසේමය. ශ්‍රී ලංකාවේ මේ අසාමාන්‍ය බොද වැටීමට ප්‍රධානතම හේතුවක් වන්නේ දූෂිත රාජ්‍ය සේවය සහ දූෂිත ව්‍යපාරික පන්තියයි.
අප මෙසේ ලියන්නට හේතුව වුයේ ගම්පොල ගමනාගමන මංඩලයට අයත් ඩිපෝවෙන් මෙවර නිකුත් කර තිබෙන පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍රයේ “පාසල් වාර ප්‍රවේශ පත්‍ර වලින් ගමන් කල හැක්කේ පාසල් නිල ඇදුම් වලින් පමණයි “ ලෙස සදහන් කර තිබේ. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ හෝ වෙනත් දිස්ත්‍රික්කවල මෙවැනි තත්වයක් අපට වාර්තා නොවේ. කෙසේ නමුත් මීට පෙර මාසයන්වලදී මේ ඩිපෝව මේ ආකාරයෙන් කටයුතු කර නොමැති බවද අප වෙත් වාර්තා වේ.
කෙසේ නමුත් අප මේ පිළිබදව විමසීම සදහා ශ්‍රී ලංකා ගමනාගමන ගමන මණ්ඩලයේ ගම්පොල බස් ඩිපෝව වෙත අනතර්ජාලයේ තිබෙන දුරකථන අංකයෙන් ඇමතුමක් ලබා ගත්තත් එම අංකය වැඩ කලේ නැත.
සමහර විට නිතිය එසේ වියහැකිය. නමුත් මෙතෙක් ක්‍රියාත්මක නොවූ දෙයක් ක්‍රියාත්මක වීම සිදුවන්නේද ජනතාවට කන්න, බොන්න නැතිව සිටියදීමය. එයින් පෙනී යන්නේ බංකොලොත් වී රටට බරක් වූ, එක් බස් රථයකට සේවකයන් 20 කටත් වඩා සිටින ලංකා ගමනා ගමන මණ්ඩලයේ නොහැකියාව, දූෂණය, සහ වැටුපවත් ගෙවා ගැනීමට නොහැකි තත්වය බාල වැඩක් කිරීමෙන් වසා ගැනීමට ද ?.
විවිධ දේශපාලන පක්ෂ වරින් වර තම තමන්ගේ ගෝල බාලයන් පත් කරගනිමින් කිසිදු සැලසුමක් නොමැතිව සිදුකල බදවාගැනීම් වලට වර්තමාන දරු පරපුර හෝ දෙමාපියන් වග කිව යුතු නොවේ. ජනතාවගේ බත් පතත්, ජීවත් වීමේ මාර්ගයත් නැති කල රාජ්‍ය සේවය තවමත් ජනතාවගේ කොදු කඩන්නේ නම්, එම පීඩාවද ඔවුන්ගේම කර මතින් යනු ඇත.