ඊයේ (11) දින සිටම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වූ කරුණක් වන්නේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අළුයම දිවයිනෙන් බැහැරව යාමට සැලසුම් කරන බව.
කොළඹ සිට ඩුබායි දක්වා පිටත්ව යන බවයි එමිරේට්ස් ගුවන් සේවාවට අයත් ටිකට් පතක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් සඳහන් වූයේ.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.649 දරණ ගුවන් යානයෙන් මෙසේ දිවයිනෙන් පිටව යාමට සැලසුම් කර ඇති බව ට සමාජ මාධ්‍ය වාර්තා කළ අතර අදාළ ගුවන් යානය අද අළුයම 3.15ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් පිටව යාමට නියමිතව තිබුණි.
ඉන් පසු ඩුබායි සිට අළුයම 02.25ට වොෂින්ටන් බලා පිටව යන ඊ.කේ.231 ගුවන් යානයෙන් ඔහු අමෙරිකාවේ වොෂිටන් බලා පිටව යාමට සූදානම්ව සිටින බවට අදාළ ටිකට් පතේ සඳහන් වූයේ.
කෙසේ නමුත් හිටපු අමාත්‍යවරයා අදාළ එමිරේට්ස් ගුවන් යානය සඳහා පැමිණ නොසිටිය බවයි.