දින කිහිපයකට පෙර සිටම ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක කතාව වුයේ අගමැති සහ ජනාධිපති වන්නේ කවුදැයි යන්නයි. දැන් එහි මුදුන් මුල තේරීම ආරම්භව තිබේ. දැන් මේ මොහොත වන විටත් ආරම්භව තිබේ.
අද මේ මොහොත වන විටත් සමාජ මාධ්‍ය තුල ඩලස්ට, රනිල්ට මෙන්ම අනුරකුමාර දිසානායක ට මෙන්ම බොහෝ දේශපාලඥයන්ටද ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන් විසින් දැඩි මඩ ප්‍රචාර මෙන්ම හදුනා නොගත්, උත්පත්තියක් නොමැති විවිධ ලියවිලි පවා සමාජ ගත විය.
ඒ කෙසේ වෙතත් මෙම චන්දය රහස් චන්දයකි. රහස චන්දය හේතුවෙන් ඒ සියලුම දේවල් නිකන්ම නිකන් ලියවිලි පමණක් විය. අද උදැසන වන විට ජි එල් පිරිස් මහතාගේ නමින්ද ලිපියක් සමාජ මාධ්‍යවල සංසරණය විය. ඒවායේ උපතක් සොයා ගැනීමට පවා නොහැක. මේ සියලු මතවාද , මඩ අස්සේ අද දිනය තුල ජනාධිපතිවරයෙකු බිහිවනු ඇත.
ඔහු කවුරු වුවත් නිසි ලෙස වැඩ කටයුතු සිදු නොකෙරුනහොත් ඔහු ඇතුළුව ආරම්භ වන නව රජයේ මැති ඇමැතිවරුන්ටද සිදුවන්නේ පැවති රජයට සිදු වුවාටත් වඩා දැවැන්ත හානියකි. එබැවින් අද පත්වන ජනාධිපතිට මෙන්ම ආණ්ඩුවට ලැබෙන්නේ කටු ඔටුන්නකි. එය මල් ඔටුන්නක් කර ගැනීම ඔවුන්ගේ දේශපාලන අනාගතය විසදෙන අතර ශ්‍රී ලංකාවද සුඛිත මුධිත රාජ්‍යයක් වනු ඇත.
2022 07 20