එකඟත්වය පළ කළ ගිවිසුම් කඩ කරමින් යුක්රේනයේ ඔඩෙසා වරායේ ධාන්‍ය නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයකට රුසියානුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයත් සමග රුසියාව සම්බන්ධයෙන් ඉතා සුළු හෝ විශ්වාසයක් තැබීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට යුක්රේන රජය චෝදනා කර ඇත.
රුසියාව සහ යුක්රේනය අතර පසුගිය දා ධාන්‍ය අපනයනය සඳහා ගිවිසුමකට එළඹ තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.
කෙසේ නමුත් , රුසියාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද වාර්තා වේ.