22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙවර එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙමින් පවතින අතර එම උළෙලේ පස්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායමේ කළමනාකාරිනිය සහ ජූඩෝ ක්‍රීඩිකාවක බව ප්‍රකාශ කරයි.
මූලික වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ (01) දින පැවති පළමු තරඟ වටයේ තරඟ ඉසව්වෙන් පරාජය වීමත් සමග මෙසේ ශ්‍රී ලංකා කඳවුරෙන් ඔවුන් අතුරුදන්ව ඇති බවයි.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකාරිත්වය භාර නිලධාරීන් දැනුවත් කර ඇති අතර ,බර්මින්හැම් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
තව දුරටත් මෙවැනි අතුරුදන් වීම් වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ගමන් බලපත්‍ර තමන් භාරයේ තබා ගැනීමට කටයුතු කරන බවයි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් සාමාජිකයින් 110 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අතර එයට නිලධාරීන් 51 දෙනෙකු ද ඇතුළත් වේ.