වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයෙක් වන්නේ හිටපු ජනාධිපති දිවංගත ආර් රණසිංහ ප්‍රේමදාස මහතාය. ඔහුගේ පුතාවන සජිත් ප්‍රේමදාස මහතා තම පියාගේ ගෝලයා වන රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතුව එක්ෂත් ජාතික පක්ෂය තුල දැවැන්ත කාර්ය භාරයක් කරන ලද්දේ නියෝජ්‍ය නායකයා ලෙසය. කෙසේ හෝ එක්ෂත් ජාතික පක්ෂය දිය වී යාමට පටන් ගත් අතර තම පියාගේ ගෝලය වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස අතර මත ගැටුම් ඇති වීමත් සමගම සජිත් ප්‍රේමදාස මහතා එක්ෂත් ජාතික පක්ෂය අත් හැර සමගි ජනබලවේගය ගොඩ නගන ලදී.
රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාව සුවිශේෂි බව අපද වාර්තා කළේය. එම කතාව ඉතාම කතාවක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කල අතර එය මහපොළවේ යතාර්ථය බවද ඒ මහතා අදහන් කරන ලදී. කෙසේ වෙතත් එය කතාවට පමණක් සීමා නොවී ක්‍රියාවෙනුත් ඔප්පුකිරීමයි වැදගත් බව ප්‍රකාශ කරන ලදී.
කෙසේ වෙතත් විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා එය සුභ්වාදීව දැකීම ඉතාම විශිෂ්ඨ ක්‍රියාවක් වන අතර සියලු ශ්‍රී ලාංකිකයන්ද හරි දේ හරිය කීමටත්, වැරදි දේ වැරදිය කීමටත් පෙළගැසෙන්නේ නම් එය යහපත් දේශයක් ගොඩනැගීම සදහා දැමිය යුතු පළමු අඩි තාලම බවද සටහන් කල යුතුය.