ගුවන් තොටුපොළ හෝ UPB ගබඩා හරහා තහනම් සහ සීමා කරන ලද භාණ්ඩ හෝ තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්රමාණයේ භාණ්ඩ ගමන් මළු තුළ රැගෙන ඒම වහාම ක්රියාත්මක වන පරිදි වළක්වන ලෙසට ශ්රී ලංකා රේගුව විසින් සියලුම ගුවන් මගීන්ට දන්වා ඇත.
ශ්රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම උපදෙස්වලට අනුගත නොවුනහොත් පනතේ විධිවිධාන අනුව එසේ නීතිවිරෝධීව ගෙන එන ලද භාණ්ඩ සියල්ල රාජසන්තක කිරීම සහ එයට අමතරව දඩ පැනවීමට කටයුතු කරන බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,