රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රජයේ වියදම් සීමා කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් වන විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රජය අමාත්‍යංශ ලේකම්වරුන් දැනුවත් කර ඇත්තේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය මගින් ලබා දී ඇති උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙසයි.
මේ අනුව රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම්වලට එඝඹීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තතීරණය කර ඇති අතර රජයේ අවශ්‍යතා සඳහා වාහන ලබාගැනීමේ දී දැනට පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බව ද සඳහන් වේ.
එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් දුරට අවම කරමින් එම කටයුතු සඳහා විද්‍යුත් සන්නිවේදන මෙවලම් භාවිතා කිරීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.