ඕනෑම සමාජයක හොඳ හෝ නරක කාරණා පිලිබදව තීරණ රදා පවතින්නේ ඔවුන් විසින්ම ඇතිකර ගන්නා විශ්වාස සහ සංස්කෘතිමය කාරණා මතය. ඒවායේ වැඩකරන පුද්ගලයන්ගේ සංකල්පීය ගැටළු මත ඔවුන්ගෙන් සමාජයට වන සේවය ඵලදායි, අපක්ෂපාතී සහ සාධාරණ වන්නේ ඔවුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් මතය. ඒවා යහපත් නම් එම සමාජය යහපත් වනු ඇත. අයහපත් නම් එම සමාජයද අයහපත් වනු ඇත. ඔවුන්ගේ යහපත හෝ අයහපත හදුනා ගන්නේ ඥානාන්විත පුද්ගලයන් හෝ ඒ පිලිබදව හොද සහ නරක තුළින් සමාජයට සිදුවන විනාශය හදුනා ගත් පුද්ගලයන්ය.
සමාජය සමග ගනුදෙනු කිරීමේදී වැදගත්ම කොටස වන්නේ සංකල්පයන් සහ අන්තර් පුද්ගල විශ්වාසයන්ය . සමහර රටවල, කලාපවල, නගරවල හෝ ගම්වල පුරවැසියන්ට එකිනෙකා විශ්වාස කිරීමට හැකි වන අතර එමඟින් ඔවුන්ගේ සාමූහික ක්‍රියාකාරී ගැටලු බොහොමයක් විසඳා ගැනීමට හැකිව තිබේ. නමුත් සමහර තැන්වල එසේ නොවේ. එය සමාජ විද්‍යාවේ වඩාත් සිත්ගන්නා ප්‍රහේලිකා වලින් එකක් බවට පත්ව තිබේ (Ostrom 1990; Krishna 2002).
ශ්‍රී ලංකාවේද ඕනෑම ආයතනයක දූෂිත නිලධාරීන් සේම දූෂිත සාමාන්‍ය සේවකයන්ද සිටින්නේ ඉතාම අතලොස්සකි. එම දූෂිතභාවය නිසාම සමාජයේ දාමය බිදී ගොස් තිබේ. අප ඉහතින් සදහන් කල අන්තර්පුද්ගල විශ්වාසය නැති කර මානවවාදී සංකල්පයන් බිඳ දැමීමට එම දූෂිත නිලධාරීන් සමත්ව තිබේ. නමුත් ඔවුන්ට එසේ කිරීමට නොහැකිවන ලෙස නීති පද්ධතියක් පැවතියද එය තුට්ටුදෙකට දමා තිබේ. එම අතලොස්ස වටිනා ආයතන මෙන්ම පුද්ගලයන්ද විනාශ කරන්නේ සීග්‍රයෙනි. ඔවුන් ඒවා විනාශ කරනුයේ විවිධාකාරයෙනි. අප මේ දිනවල වැඩියෙන්ම ගවේශනය කරනුයේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නිලධාරීන්ගේ කටයුතු දෙසය. ඉන් අනතුරුව අප බන්ධනාගාරවලින් නිදහස්ව පැමිණෙන රැඳවියන් හරහා බන්ධනාගාර පාලනයේ අන්ත දූෂිත තත්වයන් එළිදරව් කිරීමට අවශ්‍ය ලිපි සැකසීම දැනටමත් ආර්ම්භව තිබේ.
ශ්‍රී ලංකාවේ බන්ධනගාර පද්ධතියේ සමහර දූෂිත නිලධාරීන් පිලිබඳව අනාවරණයන් වලට හේතුව වුයේ අප ඉහතින් සදහන් කල අයහපත් සංකල්ප වලින් අනුන අන්තර්පුද්ගල විශ්වාසයන් බිඳ දමන නිලධාරීන්ගෙන් බන්ධනාගාර පද්ධතිය දැන්වත් බේරාගෙන අනාගත පරපුර තුලින් අපරාධකරුවන් බිහිවීම වැළක්වීමේ කටයුතු සදහා රජයට සහාය වීම පිණිසය. මේ රට හෝ බන්ධනගාර හෝ අනෙකුත් ආයතන නිර්මාණය කර තිබෙන්නේ දූෂිතයන්ට පිනුම් ගැසීමට නොවේ. යහපත් රටක් නිර්මාණය කිරිමටය.
අපරාධකරුවන් පුනරුත්ථාපනය කරමින් යහපත් මිනිසුන් සමාජගත කිරීම වෙනුවට අපරාධකරුවන් බිහිකිරීමට ආධාර අනුබල දෙන එක් දූෂිත බන්ධනාගාර නිල දරුවෙකු බයිසිකල් හැඩලයක් ගිල්ලා සේ පපුව ඉදිරියට දමමින් මූලස්ථානයට පැමිණෙන විට සියල්ලෝ ම සීරුවෙන් සිට ගත යුතුය. එසේ නොමැති වුවහොත් මව පියා ඇතුළු පරම්පරාවේ සියලුම දෙනා අමතක වී ඇති අයෙකුට නම් දිවි ඇති තුරාවට මතකය නැංවීමට මොහු වදන් මාලාවක් පිටකරයි.
මොහුගේ තවත් විශේෂත්වයක් නම් කැමරාවක් දුටුවහොත් ඔහුගේ මුහුණ ඔබා ගැනීමට රාජකාරිය අමතක කර දුවයි. කාන්තා නිලධාරිනියන් මොහුගෙන් රාජකාරියක් ඉටු කර ගැනීමට පැමිණි විටදී “ඔයා හරිම ලස්සනයි සර් මාර ස්මාට් “යනුවෙන් පවසා විනාඩියක් පමණ තොදොල් වුවහොත් ඇයට මොහුගේ කරේ වුවද යා හැකි බව තතු දන්නෝ පවසති. සිය දරු පවුල අතහැර තනිකඩයකු ලෙස හැසිරෙන මෙම නිලධාරියා නැවත පෙලවහක් කර ගත්තද කාන්තා ලොල් ගතිය අතහැරීමට අසමත් වී තිබේ.
ලංකාව පුරා බන්ධනාගාරවලට මෙම ආණ්ඩුක්‍රම විරෝධී අපරාධකාර නිලධාරියාගේ ගෝලබාලයන් යොදා තිබෙන්නේ තමන්ගේ ආධිපත්‍ය පිහිටුවා රාජකාරි සහ ආදායම් මාර්ග තර කර ගැනීමට බවද පැවසේ. ඕනෑ එපා සියලුම දෙයට හොට දැමීමට පුරුදුව සිටින මෙම පුද්ගලයා විශ්‍රාම වයස 58 වුවහොත් හෘද ආබාධයට ගොදුරු වීමේ අවධානමක් ද පවතින බව බන්ධනාගාර මූලස්ථානය නිලධාරීන් පවසති.
මාධ්‍ය ඉදිරියේ තමා රජකු බව පවසමින් කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය හමුවේ පුරසාරම් දෙඩුව ද “රාවණා පුවත්” අනාවරණය හමුවේ වු හතර විලි ලැජ්ජාව වසා ගැනීමට විවිධ මාර්ග සොයමින් සිටින බවද වාර්තා වෙයි. තනතුරු තුන හතරක් බදාගෙන සිටින මෙම අපරාධකරු නිසා බන්ධනාගාර පද්ධතියේ ඉතාම හොඳ නිලධාරීන් කලකිරීමට පත්ව තිබෙන බව අප සතුව තිබෙන සාක්ෂි අනුව පෙනී යයි.
එසේම ලංකාව පුරා තිබෙන බන්ධනාගාර වලින් මොහුට සන්තෝසම් නොලැබුණහොත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව දන්නා නිසාවෙන් දෙස් දෙවොල් තියමින් බන්ධනාගාර ලොක්කෝ එම පුද සත්කාර වල නිරතව සිටී. පුදුමයට කරුණ නම් තුෂාර උපුල්දෙනිය මහතාදටද ඉහලින් යන මේ පුද්ගලයාට එරෙහි වීමට යම් තැතිගැන්මක් වුවද ඔහුට තිබිය හැකිය. හේතුව නම් ඔහු සමග සිටින්නේ චෞර වළල්ලක් බැවිනි.
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් මොහුගේ එක් තනතුරක් ඉවත් කළ ද පැය විසිහතරක් යාමට මත්තෙන් එය නැවත ලබා ගැනීමට තරම් මොහු බලවත් වී තිබේ. මොහු වටා නැව් සහිත අත් රැසකි. එතෙක් මෙතෙක් බන්ධනාගාර ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ඨ දූෂිතයා ලෙස කිරුළ මේ වන විට ලබාගෙන ඇත්තේ ඔහු බව බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් පවසයි.
පසුගියදා බන්ධනාගාර මූලස්ථානය දූෂිත උසස් නිලධාරීන් දෙදෙනෙකු සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාලඹේ ප්‍රදේශයේදී හමුවූයේ කවුදැයි අප අනාවරණය කරගෙන තිබේ. මහබැංකු කොල්ලයට සම්බන්ධ හිටපු දේශපාලනඥයෙකු හමුවේ මොවුන් තමාගේ අතින් සිදු වී තිබෙන මෙම දූෂිත ක්‍රියා වසා ගැනීමේ උත්සාහයක නිරත වනු ලබන්නේ වත්මන් ජනපතිවරයාට මේ පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් මවා පෑමට උත්සාහයක් යෙදෙමිනි. රාවණා පුවත් හට තොරතුරු ලැබී මේ ක්‍රමවේදය සෙවීමට බන්ධනාගාර බුද්ධි අංශ විසින් නවක ජේලර්වරයකු ද බන්ධනාගාර මූලස්ථානයට අනුයුක්ත කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම නියාමක නිලධාරීන් කැඳවා ඔවුන්ට පවසා ඇත්තේ තමාගේ මෙම දූෂිත ක්‍රියාවන් පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් කුපිත වී ඇති හෙයින් ඔවුන්ගේ මනස නිවැරදිව සකසන ලෙසටයි.
එම නිලධාරීන් එම සාකච්ඡාවලින් අනතුරුව බැහැරට පැමිණ පවසා ඇත්තේ “උන් සේරම හොරකම් කරලා අන්තිමට අපිට කියනවා කුණු හෝදන්න” යනුවෙනි. අතිගරු ජනාධිපතිතුමනි, අධිකරණ අමාත්‍යතුමනි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමනි. මේ දූෂිත ක්‍රමය, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුව තිබේ. දැන්වත් එය නොකරන්නේ නම් හෙට දින උපදින මල් කැකුළුවලින් 80% ක්ම අපරාධකරුවන් වනු ඇත. එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකාවේ බන්ධනගාර පද්ධතියේ මෙම දූෂිත අල්ලස් ක්‍රමයයි. එය නැවැත්විය හැක්කේ දූෂිතයන් පන්නා දැමීමෙන් පමණි. ඔවුන්ගේ වැරදි අඩුපාඩු සෙවීම සදහා සහ සාක්ෂි එකතු කිරීම සදහා ප්‍රබල කණ්ඩායමක් නිරමාණය කල යුතුව තිබේ