යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත සේන්දු වී ඇත.
ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩු දුන් මෙම නෞකාව විදේශ කටයුතු අමාත්‍යංශය ලබාදුන් අවසරය මත මෙසේ වරායට පැමිණ ඇත.
පසුගිය කාලය තුළ දී මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස පවසමින් ඉන්දියාව විසින් දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.
කෙසේ නමුත් අද විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල අවසරය ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ දිවයිනට ලඟා වී ඇති බව පැවසේ.
මෙම නෞකාව ආහාර සහ ඉන්ධන පහසුකම් ඇතුළු මූලික පහසුකම් සපයා ගැනීම සඳහා සඳහා මෙසේ වරායට පැමිණ ඇති අතර එය එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතය.