කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳන් කළේ අද (18) දිනයේ මධ්‍යම, ඌව , නැගෙනහිර ,උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ මද වැසි තත්ත්වයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අද දින තුළ දී කොළඹ සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බවත්, දිවයින වට වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු ස්වභාවයක් ඇතිවිය හැකි බවත් ය.