මියන්මාර රජය සිය රට තුළ ඉන්ධන මිල ඉහළ යාම පාලනය සඳහා රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට සිය එකඟතාවය පලකර ඇත.
ඒ අනුව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක්ම සිය එකඟත්වය ප්රකාශ කර ඇත.
පසුගිය කාල පරිච්ඡේදය තුළ දී ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවා යෑම මීට හේතු වී ඇත.
මියන්මාරය විසින් මෙසේ ඇණවුම් කරන ඉන්ධන තොග සැප්තැම්බර් මාසයේ දී මියන්මාරයට ලැබීමට නියමිතව ඇත.