මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං තත්ත්වයන්ගෙන් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.