ශ්‍රී ලංකාව විනාශ වුයේ සහ විනාශ වන්නේ නීතියට පිටින් නොහොත් නීතිය ක්‍රියාත්මක වීම බලය තිබෙන් පුද්ගලයන්ට අනුව පමණක් සිදුවීමයි. අපට යමක් තේරුණ දින සිටම සිදු වුයේ එයමය. වර්තමානයේ රට බිඳ වැටුනේ බලය ඇත්තන්ගේ දීර්ඝ කාලින දූෂිත, නීතිවිරෝදී ක්‍රියාවලින් වල ප්‍රතිපලයන් ලෙසය.
නීතිය යනු හැකි සෑම විටම හැසිරීම් පාලනය කිරීම සඳහා සමාජ ආයතන හරහා බලාත්මක කරනා නීති රීති පද්ධතියකි. එය දේශපාලනය, ආර්ථික සහ සමාජය විවිධ ආකාරවලින් හැඩගස්වයි. එය මිනිසුන්ගේ සබඳතාවල සමාජ මැදිහත්කරුවෙකු ලෙස සේවය කරයි. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම නීතිය, අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම තුලින් ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා වෙයි. එය සුරැකීමෙන් පමණක් රටකට සැබෑ වූ දේශපාලන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා රාමුවක් සපයයි. එසේම පරිපාලන නීතිය රජයේ ආයතනවල තීරණ සමාලෝචනය කරන අතර ජාත්‍යන්තර නීතිය තුලින් වෙළදාමේ සිට පාරිසරික නියාමනය සහ මිලිටරි ක්‍රියාකාරකම් දක්වා ඒවායේ ක්‍රියාකාරිත්වය මත ස්වෛරී රාජ්‍යයන් අතර කටයුතු පාලනය කරයි. එසේම රටක් තුල හෝ ආයතනයක් තුල සිදුවන ක්‍රියාකාරකම්වලදී වැදගත්ම දේ වන්නේ යම් තාක්ෂණික හෝ වෙනයම් ගැටලුවකට ලැබෙන නෛතික ප්‍රතිචාරය ගැටළුවක් උග්‍ර කිරීමට හෝ එය විසදීමට උපකාරීවන ප්‍රධාන සමාජ ක්‍රියාවකි.
ඒ අප සදහන් කලේ රටක් ඉදිරියට යාමට නම් නීතියේ තිබෙන වැදගත්කමයි. ශ්‍රී ලංකාවේ අරගලයන් ආරම්භ වන්නේ කෘෂිකර්මාන්තය බිඳ වැටීමත් සමගය. දුක් විඳින ජනතාව ව විදුලිය සහ ගෑස් ඉල්ලා පාරට බසින්නේ පසුගිය මාර්තු 31 ය. ඔවුන්ට සහ ඔවුන්ට පහරදෙන ආරක්ෂක අංශවල ම්ලේච්ච තත්වය විඩියෝ කල් මාධ්‍යවේදීන්ටද පහර දෙන්නේ ආරක්ෂක අංශයි. ඉන් පසු මැයි 9 වැනිදා ද එලෙසම ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභගේ අගමැති මහින්දගේ පොහොට්ටුවේ සාමාජිකයන්ය. එයට ආධාර අනුබල දෙන්නේ බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බව ඕනා තරම් කියවේ. ඔවුන්ගේ ම්ලේච්ච ක්‍රියා හේතුවෙන් ඔවුන්ගේ නායකයන්ට රටින් පලා යාමට සිදු විය.
දැන් සිදුවෙන්නේ අමුතු කතාවකි. ඒ අරලියගහ මැදුරට ඇතුල් වූ පුද්ගලයන් සහ ජනාධිපති මැදුරට ඇතුල් වූ පුද්ගලයන් සෙවීමට පොලිසිය කටයුතු කිරීමයි. මේ වන විටද බලයේ සිටින්නේ රට ම්ලේච්ච තත්වයට පත් කල පක්ෂයේ ප්රධානින්මය. දැන් ඔවුන් නැවතත් ම්ලේච්ච යුගයකට රට තල්ලු කරමින් සිටී. මාර්තු 31 සහ මැයි 9 වැනිදා ප්‍රහාර එල්ලකරමින් රටම ගිනි තැබූ උදවියට නීතියක් ක්‍රියාත්මක නොවී තමන්ගේ නායකයන් පලවා හැරීමට කටයුතු කල අරගලකරුවන් සොයා දඩුවම් කිරීමට යාමෙන් අප ඉහතින් සඳහන් කල විද්‍යාත්මක පිළිගත් ක්‍රියාවලින් බිඳ වැටේ. එවිට රට නැවතත් ගමන් කරන්නේ විනාශයක් වෙතය. එය පිළිගත් මෙන්ම සැබෑ නීතිය නොවේ. රට ගොඩනැගීම පසෙක දමා පලිගැනීමට යාමෙන් සිදුවන්නේ පෙරටත් වඩා දැවැන්ත විනාශයක් වන අතර නය බරින් මිරිකුණු ශ්‍රී ලංකාව නැවතත් අරාජික නොකිරීමට ශ්‍රී ලංකා පොලිසිය සහ පොහොට්ටුවේ නායකයන් වගබලා ගත යුතුය. එය කල හැක්කේ නීතිය සමානව ක්‍රියාත්මක කිරීමෙන් පමණි.