ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය දූෂිත වන්නේ වංචා සහ දූෂණ වලින් පමණක් නොවේ. පරිපාලකයන් නොහොත් විනිසුරුවරුන් නොහොත් තීරකයන්ගේ අන්තනෝමතික තීරණද දූෂිත වී තිබේ. රාජ්‍ය පරිපාලනයේදී තීරණ ගන්නා සියලුම දෙනා විනිසුරුවරුන් වේ. විනිසුරුවරුන් යනු අධිකරණ විනිසුරුවරුන් පමණක් යයි සිතා සිටීම වැරදිය. අධිකරණවල විනිසුරුවරුන් සංකීර්ණ කාරණා විභාගයට ගෙන තම තීරණය ලබා දීමත් මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් මෙන්ම අනෙකුත් පරිපාලනය නොහොත් රාජකාරිය තුලදී තීරණ ගැනීමත් කාරණා දෙකක් නොවේ. පරිපාලන නිලධාරියා තීරණ නොහොත් තම විනිශ්චය ලබා දිය යුත්තේ නීතියට අනුවය. එහෙත් ලංකාව බිඳ වැටීමේ හේතුවේ ප්‍රධානතම චූදිතයන් වන්නේ නීතියට පයින් ගසා තම හිතුමතේට වැඩ කරන සහ කල තක්කඩි විධායක ශ්‍රේණියේ සහ යම් යම් තීරණ ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ වරදිනි. ( උදා- ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නියාමකවරුන්, ගොවි නියාමකවරුන්, විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරු, අධ්‍යක්ෂකවරු, ලේකම්වරු ආදී ).
මේ දූෂිත පරිපාලනය නොහොත් නීතියට පයින් ගසා කටයුතු කරන විනිශ්චයකාර රාජ්‍ය පාර්ශ්වයේ ඉහල සිට පහළටත්, පහල සිට ඉහළටත් තිබෙන්නේ කැපිලි කෙටිලිය. එහි ක්‍රියාත්මක වන්නේ තමාගේ කෙනා ඉදිරියට ගැනීමට නීතියට පයින් ගැසීමයි. එවැනි දූෂිත ක්‍රියාවන් දහස් ගණනාවක් අපට ලිවිය හැකිය. අප මේ දිනවල අවධානය යොමුකර තිබෙන්නේ බන්ධනාගාරවල දූෂිත නිලධාරීන් සහ එහි සිදුවන අක්රමිකතාවන් එළිදරව් කිරීමටයි. එසේම බන්ධනාගාරවල වල සිදුවන හොද කටයුතු මෙන්ම ඉතාම හොඳ නිලධාරීන් සහ ඔවුන්ගේ ක්‍රියාවන්ද එළිදරව් කිරීමද ඉදිරියේදී සිදුවනු ඇත.
මෙවර අනාවරණය වන්නේ බන්ධනාගාර මූලස්ථානයේ සේවය කරන දූෂිත අඹුසැමි යුවළක් පිලිබඳවයි. වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර මූලස්ථානය ට අරක්ගෙන සිටින මෙම යුවළ පිටුපස සිටින බලගතු උසස් නිලධාරියකුගේ පිහිටෙන් දූෂිත ක්‍රියා සිදු කරමින් සිටින බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. (අපට සහ නීතියට අනුව ඔහු අපරාධකාරයෙකි. ජනතාවගේ බදු මුදලින් ජනතා සේවය වෙනුවෙන් නිල ඇඳුම පමණක් බලගතු වෙයි). මෙම නිලධාරිනිය සිදුකරන අමුතුම තාලයේ කප්පම් ගැනීමක් පිළිබඳව කරුණු වාර්තා වෙයි.
වාර්තාවන ආකාරයට ඇය ගලාගෙන යන ගංගාවකි. ගංගාවක් ගලා බසින්නේ නිහඬවය. ගංගාවක ආරම්භය බොහෝ විට කඳු මුදුනක් විය හැකිය. කඳු මුදුන් වලින් සැරපරුෂ ලෙස පහලට කඩා වැටි මිටියාවත් වලදී නිහඬව ගලාගෙන යයි. බොහෝ කප්පම් ගන්නෝද එසේමය. මුලින් සැර පරුෂ වී පිළිවෙලට කප්පම් ලැබෙන විට නිහඬව සිටියි. ඇගේ මේ කප්පම් ගැනීමද එසේමය.
ඇයගේ සැමියා බන්ධනාගාර මූලස්ථානයේ විශේෂිත අංශයක සිටින හෙයින් රැඳවියන් හට ස්ථාන මාරු ලබා දීමට කටයුතු කිරීමෙන් පසු එම ස්ථාන මාරු අවලංගු කිරීමට කප්පම් ගන්නේ මේ කාන්තාව බව කිය වේ. එසේම තමන්ට මාසිකව කප්පම් මුදල් නොදුනහොත් සිරකරුට හෝ සිරකාරියට නවතින්නට වන්නේ දුරබැහැර බන්ධනාගාරයක බවද වාර්තා වේ. තවද බන්ධනාගාර උසස් නිලධාරින් අපහසුතාවයට පත් කිරීමේ කටයුතු සිදු කිරීම මෙම නිලධාරිනියගේ තවත් ප්‍රධාන කටයුත්තක් බවද කියා වේ.
එක් අවස්ථාවක බන්ධනාගාර රැඳවි කාන්තාවන් බන්ධනාගාර වහලය මතට නැඟ උද්ඝෝෂණය කිරීම සිදුවීමේ මෙහෙයුම පිටුපස චෝදනාවට ලක්වන්නේද මෙම නිලධාරිනිය නොහොත් එම සිදුවීමේ මහමොලකාරිය ඇය බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. (කුමන්ත්‍රණය සිදුකර සිදුවීම වූ කාලයේ විනෝද චාරිකාවකට නිවාඩු ගෙන ඇත). එම සිදුවීමට මෙම නිලධාරිනිය සම්බන්ධ බව දැන සිටියද ඇය රැක ගැනීමට කටයුතු කරන උසස් නිලධාරියා කටයුතු කර තිබේ. එම සිද්ධියේ වරදකාරිය ලෙස බන්ධනාගාර කාන්තා අංශයේ උසස් නිලධාරිනියක් නම්කර ඇයව ස්ථාන මාරු කිරීමට කටයුතු කර තිබු බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට ද බන්ධනාගාර කාන්තා අංශයේ පාලනයට ද මැය තර්ජනයක් වී තිබෙන බවද අපට ලැබී තිබෙන තොරතුරු ඔස්සේ පෙනී යයි. මෙම නිලධාරිනිය විසින් විවිධ අවස්ථාවලදී දැනට පාලනය කරන උසස් නිලධාරිනියට මර උගුල් අටවන බවද කිය වේ. චෝදනාවට ලක් වෙන මෙම නිලධාරිනිය ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වී ඇත. එසේම බන්ධනාගාර කාන්තා අංශයෙන් හමු වූ ලිපියක් සම්බන්ධවද විමර්ශනයක් ඇත. එහෙත් ඒවා සැඟවීමට මූලස්ථානයේ උසස් දූෂිතයකු කටයුතු කරන්නේ ඇයිද?, යන්න අභිරහසක් බව බන්ධනාගාර නිලධාරීන් පවසති.
තවද මෙම කාන්තාව අනියම් කෑමට ඉතාම කැමති බවද කියා වේ. අනියම් පෙමට පෙම්බඳින මෙම කාන්තා නිලධාරිනියට කළුතර බන්ධනාගාරයේ දී පැවැත්වූ අනියම් පෙමක් සිය සැමියාගේ අතටම හසුවී සැමියා පහර දී තිබෙන්නේ මූලස්ථාන නිලධාරීන් ඉදිරිපිට දීමය. (අනියම් ප්‍රේමය සහ තහනම් ගසේ ගෙඩි කා රස විදීම ශරීර අවශ්‍යතාවයක් නිසා සහ එයට විරුද්ධව යමක් නොලියන නමුත් ඉන් ජනතාවගේ ආයතනයකට සිදුවන්නේ දැවැන්ත හානියකි). මූලස්ථාන උසස් නිළධාරියකු සමග ඇතිවූ අනියම් පෙම එම උසස් නිලධාරියාගේ බිරිඳට ආරංචි වීමෙන් අනතුරුව එම උසස් නිලධාරියාගේ බිරිඳ ද දුරකථන ඇමතුම් මාර්ගයෙන් පරුෂ වචන කියන බවද එය බන්ධනාගාර නිලධාරීන්ට වදයක් වී තිබෙන බවද කියා වේ.
මේ වන විට ඇයව තනි අලියකු විසින් ආරක්ෂා කරන බව ද පැවසේ. බන්ධනාගාර උසස් නිලධාරිනියකගේ නම භාවිතා කර ජේලර්වරයකු සමග එක්ව විදෙස් මත්පැන් බෝතල් වෙනුවට ආපන ශාලාව පිටුපසදී මුදල් ලබා ගත්තේ කවුද යන්නද සොයා බැලිය යුත්තේ ඔවුන් පිනුම් ගසන්නේ මහජන මුදලින් නිසාය.
කෙසේ වෙතත් බන්ධනාගාර බුද්ධි අංශ මේ මේ බොහෝ කරුණු පිලිබදව දැනුවත් වුවද උසස් දූෂිත නිලධාරියා විසින් ඒවා යටපත් කර දැමීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි. ජංගම දුරකථන අලෙවි සල් කිහිපයක හිමිකරුවන් වන මෙම දූෂිත යුවළ සුඛෝපභෝගී වාහන රැසක හිමිකරුවන් බවද කියා වේ. වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ පරිපාලනය අවුල් කර මැය තාවකාලිකව මේ වන විට වෙනස් ස්ථානයකට ස්ථාන මාරුවී රැඳී සිටින්නේ තමාගේ වංචා දූෂිත ක්‍රියා හසු වේ යැයි බියෙන් බව ද පැවසේ.
එසේම ස්විස්ටර්ලන්තයට යාමට බලාපොරොත්තු තබාගෙන රැදවි කාන්තාවකට පහසුකම් සැපයූයේ කවුද? එම සිදුවීම යට ගියේ කෙසේද?. මේවාද සෙවිය යුතු කරුණුය. රැඳවියන් ස්ථාන මාරු කිරීමට කටයුතු කර ඇති ආකාරය සෙවිය යුතුව ඇත. එහෙත් මෙම අඹුසැමි යුවළ උසස් නිලධාරීන්ට ද තුටුපඬුරු ලබාදෙන නිසා මොවුන්ට එරෙහිව කිසිදු විමර්ශනයක් ආරම්භ වන්නේ නොමැති බවද පැවසේ. බන්ධනාගාරයක පාලනය අවුල් කිරීමේ නිරත පරිපාලනයට අවනත නොවන මොවුන් සිටිනා තාක්කල් සිරකරුවන්ට යහපතක් සිදු වේද?. නිසි පුනරුත්ථාපනයක් සිදු වේද?. බන්ධනගාර කොමසාරිස් ජනරාල්තුමනි!, උරුලෑවන් ගිය මග සුද්ධ කරමුද?.
( මීට පෙර අප පලකල බන්ධනගාර ත්‍රස්තවාදය පිලිබදව ලිපියේ “ සියලුම බන්ධනගාර අධිකාරීවරුන්ට කැන්ටිමෙන් ලැබෙන සන්තෝසම් මුදල පිලිබඳව යන කොටස යතුරුලියනයේදී අඩුවක් ඇති වී තිබේ. සියලුම බන්ධනගාර අධිකාරිවරුන් එසේ සන්තෝසම් මුදල් ලබා නොගන්නා අතර ඉතාම විශිෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් එම දෙපාර්තමේන්තුව තුල 60%කටත් වඩා සිටින බැව් අප පැහැදිලිවම සටහන් කල යුතුය.)