ලංකා විදුලිබල මණ්ඩලයට හෙට (22) දිනයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම මගින් අවසර ලබා දී ඇත.
මේ අනුව දිවා කාලයේදී පැයයි විනාඩි 40 ක කාලයක් සහ රාත්රී කාලයේ දී පැය 01 විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව ඇත.
A සිට L දක්වා සහ P සිට W දක්වා පස්වරු 01.00 සිට රාත්රී 10.00 දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව ඇත.
එමෙන්ම පෙරවරු 5.30 සිට පෙරවරු 08.30 දක්වා පැය 03 ක කාලයක් M, N, O, X, Y. Z කලාප සදහා විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.