ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ,විරෝධතා දැක්වීමක් සිදු වුව ද ඊට අභියෝග නොකරන නමුත් එම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරන ලදී.
සියලු දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති අදාළ සැලසුම්වලට විරෝධය පළකර ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
එමෙන් ම සියලුම වෘත්තිය සමිති හමුවී අදාළ වැඩපිලිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද එහි දී මෙහි ඇති වැදගත්කම පිලිබඳව ද පහදා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් හෙට (22) දිනයේ දී යෝජිත ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ එසේ විරෝධතා සිදු කිරීමට ඔවුන්ට ඇති අයිතියට අභියෝග නොකරන නමුත් ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ය.