පොල්දූව මංසන්ධියේ දී සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.
මේ වන විට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය ජූලි මස 13 වනදා පොල්දුව මංසන්ධියේ දී සිදු වූ කහකාරී සිදු වීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
විමර්ශන කටයුතුවලදී වීඩියෝ දඑර්ශන ඔස්සේ හඳුනා ගන්නා ලද කලහකාරී ලෙස හැසිරුනු මෙතෙක් අනන්‍යතාවය අනාවරණය නොවූ තවමත් සොයා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් 23 දෙනෙකු හඳුනාගැනීම සඳහා මෙසේ පොලිසිය මහජන සහාය අපේක්ෂා කර ඇත.
පොලිස් මාධ්‍ය කේට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.
ඒ අනුව පහත පින්තූරයන්හි දැක්වෙන පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංක,
0112 829 388
071 30 64 165
071 85 92 209
1997 – Hot line