අද (23) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි තත්ත්ව ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මි.මී.50ක පමණ වැසි තත්ත්වයක් අපේකෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගූරුම් සහිත වැසි ඇති වේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු හා උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී.50ක පමණ තද සුළං තත්ත්ව ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.