මහා වංශයේ සඳහන් වන්නේ ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නවවන මසෙහි මහියංගනයට වැඩමවා මහානාග වනෝද්‍යානයේ දී යක්ෂයන් දමනය කරමින් කළ බවයි.එහි දී ධර්මය අසා සෝවාන් ඵලයට පාත්‍ර වූ සුමන සමන් දිව්‍යරාජයාණන් වහන්සේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ කේෂධාතු ලබාගෙන රන්කරඬුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් මහා වංශයෙහි සඳහන් ව ඇත.අනතුරුව බුදුරජාණන් වහන්සේ ආදාහනය කළ තැනින් ග්‍රිවා ධාතුව වැඩමවා එය නිධන් කොට දොලොස් රියන් උසැති දාගැබක් කරවන ලදී.
මෙවැනි ෙඵතිහාසික වටිනාකමකින් යුතු, බුදුන් වහන්සේගේ ග්‍රිකවා ධාතු සහ කේෂ ධාතු නිධන් කොට ඇති මෙම පින් බිබෙහි සිදු වන ඇසළ මහා පෙරහැර නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතව ඇත.ඒ අනුව සැප්තැම්බර් මස පළමුවනදා සිට 2022 වර්ෂයේ මහියංගන මහා ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වීමට නියමිත බව මේ වන විට වාර්තා වී ඇත.
අපගේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කල වැඩම කර යක්ෂයන් දමනය කරමින් අමාමහ පෙළහැර පෑ මේ පින්බිම දැක වැඳ පුදා ගැනීමටත්, පෙරහැර මංගල්‍ය අසිරිය නැරඹීමටත් ලංකා වාසී ලෝවාසී සියලුම බැතිමතුන්ට ආරාධනා කර සිටිමු.