මහනුවර ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සිදුවන බව කියන ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ දී සහ පත් ඉරු අතුරුදහන් වීම් සහ වෙනස් කිරීම් සම්බන්ධව විමර්ශනයක් සිදු කර තමා වෙත සති තුනක් ඇතුළත දී වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ සහකාර ලේකම් ආර්.පී.කලුපහන මහතා රෙජිස්ටාර් ජනරාල්වරයා වෙත දැනුම් දීමක් දී තිබේ.
මේ සම්බන්ධව ජනාධිපති ෙජ්‍යෂ්ඨ සහකාර ලේකම්වරයා වෙත මහනුවර වැසියෙකු වන ධර්මාශෝක මාවතේ පදිංචි ජගත් සමන් මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ සිදුකරන ලෙසට ඉඩම් රෙජිස්ටාර් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත. මහනුවර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සිදුවන බව පැවසෙන වංචා දූෂණ අක්‍රමිකතා රාශියක් සම්බන්ධව තොරතුරු සහිත පැමිණීල්ලක් ජගත් සමන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත ද යොමුකර ඇත.
ජගත් සමන් මහතා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර සැප්තැම්බර් මස 07 වන දිනට පෙර තමන් වෙත දක්වන මෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා රෙජිස්ටාර් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් හා පළාත් පාලන අමාත්‍යංශ අතිරේක ලේකම් ප්‍රතිසංස්කරණ හා විමර්ශන , නිෂාන් මෙන්ඩිස් මහතා ද මහනුවර ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සිදුවන යම් යම් අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස රෙජිස්ටාර් ජනරාල්වරයාට දැනුම් දී ඇත.
ශ්‍රී රාවණා සටහන
අප රට විනාශ කර තිබෙන්නේම මේ දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය සේවකයන් විසින් සිදුකර තිබෙන විවිධ වංචනික ක්රියාවලීන්ය. ඔවුන්ගේ වරදින් නොහොත් ඔවුන්ගේ දූෂිත ක්‍රියාවල ප්‍රතිපලය ලෙස සාමාන්‍ය මිනිසුන් විවිධ නඩු හඹ වලට පැටලෙති. වාර්තා නොවන මෙවන් සිද්ධීන් දහස් ගනනක් තිබිය හැකිය. රාජ්‍ය ආයතනවල තිබෙන ලිපි ලේඛන පවා මෙසේ අතුරුදහන වන්නේ නම් එම රාජ්‍ය සේවයෙන් රටට යහපතක් සිදුව නැත. ඉන් කියවෙන්නේ රාජ්‍ය සේවකයා රටට හෙනයක් වී තිබෙන බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විටත් ඉඩම් සම්බන්ධ ප්‍රශ්න ගනනාවක් අප වාර්තා කර තිබේ. නමුත් මධ්‍යම පළාත් රාජ්‍ය සේවය මෙන්ම මහනුවර මධ්‍යම රජයට අයත් රාජ්‍ය සේවයේ ප්‍රධානින් පීඩිත පුද්ගලයන් දිගින් දිගටම පීඩාවට ලක් කරමින් සිටී. රටට ශාපයක් වුයේ දේශපාලඥයන් පමණක්ම නොවේ. ඔවුන් සමග එකට හිටගන්නා රාජ්‍ය සේවය මේ දූෂණ ක්රමයේ 75% කට වග කිව යුතුය. මහනුවර දිස්ත්‍රික්කය තුල වංචා දූෂණ අක්‍රමිකතා මෙන්ම සමූහ නීතිවිරෝදී ක්‍රියා විශාල වශයෙන් වාර්තා වන අතර වෙනත් දිස්ත්‍රික්කවලින් මෙතරම් ජනතා පීඩා වාර්තා නොවීමද විශේෂත්වයකි . මහනුවර දිස්ත්‍රික්කයේ සමහ වශයෙන් සිදුකරන අකටයුතුකම් විශාල වශයෙන් වාර්තා වේ.
මේ අප මීට පෙර වාර්තා කල මහනුවර සිද්ධීන් කිහිපයකි.