ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම විනාශ කිරීමේ ප්‍රථම පියවර තබා ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ විසින් බව අප මීට පෙරද අනාවරණය කර තිබේ. එසේම ඔහුට විරුද්ධව කර තිබෙන පොලිස් පැමිණිලිද යට ගසා තිබෙන අතර බෞද්ධ කටයුතු කොමසාරිස් වන සුනන්ද කාරියප්පෙරුමද දියවඩන නිලමේගේ දෙපතුල් ළඟ වැද වැටෙමින් බෞද්ධ ජනතාව ගොනාට අන්දවමින් මෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයද නොමග යවමින් සිටීන වැඩක් නොකරන කොමසාරිස් ජනරාල්වරයෙකි. දියවඩන නිලමේවරයාට විරුද්ධව සුනන්ද කාරියප්පෙරුමට කර තිබෙන පැමිණිල්ලද නිසි විධිමත් ආකාරයෙන් සහ නීතියේ සදහන් වන ආකාරයට විභාග නොවන බවද, වාර්තා වේ.
මේ වන විට බෞද්ධ ආගම හා සම්බන්ධ දේවාල වල නිලවරණ පැවැත්වෙමින් තිබේ. පසුගියදා බදුල්ල පත්තිනි දේවාලයේ මෙන්ම මහනුවර දේවාල කිහිපයකද නිලවරණ පැවැත්විණි. බදුල්ල පත්තිනි දේවාලය තේරී පත් උනේ විවිධ දූෂණ චෝදනා තිබෙන පුද්ගලයෙකු වන අතර මහනුවර දේවාල තුනකටම තේරී පත් උනේ කිසිදු දූෂිත චෝදනාවක් නැති පුද්ගලයන් වේ.
හෙට (25) කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබෙන කිරිදිගල්ල විෂ්ණු දේවාලයේ සහ ජන්තුරේ විෂ්ණු දේවාලයට බස්නායක නිලමේවරුන් තෝරාපත් කරගැනීමේ නිලවරණය පැවැත්වේ. ඒ සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් 14 දෙනෙකු සහ බස්නායක නිලමේවරුන් 5 ස් දෙනෙකු චන්ද ලබා දීමට සුදුසුකම් ලබා තිබේ. ඒ අතරේ පෙරේදා (22) රාත්‍රියේ දෑල බණ්ඩාර කෙනෙකු කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් 6 දෙනෙකුට නිවසටම ගොස් අල්ලස් ලබා දී තිබේ. නමුත් අනෙකුත් 8 දෙනාම අල්ලස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය ලේකම්වරු 6 දෙනාගේ නම් ලැයිස්තුව අප වෙත ලැබී තිබේ. එම ලැයිස්තුව සාක්ෂි සහා ලබාගෙන තිබෙන මිල මුදල් මෙන්ම කවුරුන් වෙත චන්දය ප්‍රකාශ කිරීම සදහා එසේ මුදල් ලබා ගත්තේද යන්න අප හෙට නිලවරණයෙන් පසුව ප්‍රසිද්ධ කරනු ඇත. කෙසේ වෙතත් මෙතෙක් අල්ලස් ලෙස මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ප්‍රාදේශීය ලේකම්වරු ශ්‍රී ලංකාවට අභිමානයකි. ඔවුන් එසේ කිරීම තුලින්ම 2025 දී රටට මෙන්ම බෞද්ධාගම වෙනුවෙන් වැඩකරමින් ශ්‍රී ලංකාවට තුනුරුවන්ගේ මෙන්ම දේවාශිර්වාදය ගැනීමට හැකි ලෙස කටයුතු කරන නවතම දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීමේ භාග්‍ය උදා වනු ඇත.
නිලවරණයට පෙර දේවාල සදහා වැඩ බලන නිලමේවරයෙකු පත්කරන අතර මහානායක හිමි වරුන් උපදේශ ලබා දී තිබෙන්නේ සහ සම්ප්‍රධාය වී තිබෙන්නේ හිටපු නිලමේවරුන්ම ඒ සදහා පත් කිරීමයි. නමුත් මින් එක් දේවාලයකට එසේ පත් නොකර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තවත් තුච්ච වැඩක් කර තිබේ. ඒ මුදල් බෙදාගෙන ගිය දෑල බණ්ඩාර නමැති අයගේ වුවමනාවට ඔවුන්ගේ ගෝලයන් දිනවීමටය.
ඒ අතරේ විල්භාව පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා අතුරුදහන්ව ඇති බවද වාර්තා වේ. මේ අතර විහාර සහ දේවාල විනාශවන ආකාරයෙන් කටයුතු කරන බස්නායක නිලමේවරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුනත් ඒවා විසදිය යුතු සුනන්ද කාරියප්පෙරුම කපටි නරියෙකුගේ භූමිකාවේ රඟපාමින් සිටී. කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා ඔහුට මාසිකව දැවැන්ත මුදලක් අල්ලස් ලෙස නිලමේවරුන් ගෙවන්නේද යන්න වෙනම සොයා බැලිය යුතුව තිබේ.
සුනන්ද කාරියප්පෙරුම මහතාද වැටෙන්නේ පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ගේ ගොඩටමය. ඔහු පසුගිය කාලයේ දිස්ත්‍රික් ලේඛම් තනතුරක් ඉල්ලමින් ප්‍රදීප් පසුපසින් ගියේය. දැන් අමාත්‍යංශ ලේකම්වරයෙක් වීමට දගලනවාද විය හැකිය. ජනාධිපතිවරයා දැන් කල යුත්තේ බුදු දහම් මෙන්ම රටේ පෞරාණික ස්ථාන විනාශකරන මෙවැනි “ජඩ” ගනයේ රාජ්‍ය නිලධාරීන් සොයා නීත්‍යානුකූලව පරීක්ෂණ පවත්වා රාජ්‍ය සේවයෙන් සදහටම නෙරපා හැරීමය.
කෙසේ නමුත් මේ විනාශයන් කල පුද්ගලයන්ට මෙන්ම ඒවාට ආධාර අනුබල දෙමින් තම රාජකාරීන් පැහැර හැරී සියලුම දෙනාට දේවයන්ගේ දඩුවම්වලින් නම් ගැලවීමට නොහැකි බව සැබෑ බෞද්ධයන් දනී.