රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඇති වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් ජාතික රෝහලේදී මිය ගිය ඉශාලිනිගේ මෘත දේහය නිරෝධායන නීති වලට අනුකූලව, විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ගොඩ ගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පේරාදෙණිය ශීක්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස නුවරඑලිය මහේස්ත්‍රාත්වරිය අද පොලිසියට නියෝග කළාය.
ඒ අනුව හෙට (30) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය යටතේ එම මෘත දේහය ගොඩ ගැනීම සිදු වීමට නියමිත අතර දැරිවියගේ සිරුර මිහිදන් කර ඇත්තේ නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයේ ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භූමියේ වන අතර එම සුසාන භූමියට මේ වන විට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.