උදයංග වීරතුංග ඇතුළු රාජපක්ෂ පවුල අමු හොරුන් බව උදයංග වීරතුංඟ මහතාම ප්‍රකාශ කර තිබීම පුදුමයට කරුණකි. ඉතාම සූක්ෂ්ම ලෙස කාගේ කාගේත් කුණුගොඩවල් එලියට ගනිමින් මහා පරිමාන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා එලියට ගනිමින් කා සමගත් සහයෝගයෙන් සිටින මාධ්‍යව්දී චමුදිත සමරවික්‍රම මහතා, උදයංග වීරතුංග මහතා සමග කල සියලුම සකච්චාවලදී තමනුත් හොරෙක්, වංචනිකයෙක්, දූෂිතයෙක් බවද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලම හොරු බව කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව අමු අමුවේම ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව ඔවුන් අල්ලස් ලබා දුන් ආකාරයද ප්‍රකාශ කරයි. ඔවුන්ගේ දූෂණ වංචා මෙන්ම අපරාධ පිලිබඳව බරපතල ගැන බරපතල ප්‍රකාශයක් ඔවුන් ඔහු විසින්ම පාපොච්ච්රණය කරයි.
ඔවුන්ගේ ප්‍රථම දූෂිතම ගනුදෙනුව වන්නේ මිග් යානා ගනුදෙනුවයි. එම ගනුදෙනුවට අදාළ ලිපිගොනුව පවා අස්ථානගතව තිබෙන බව එම කාලයේම වාර්තා විය. එම ලිපිගොනුව තබිය යුත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේය. නමුත් එම ගිවිසුම් සහිත ලිපිගොනුවද අතුරුදහන් බැවින් එම දූෂිත ගනු දෙනුවේ විමර්ශන නිසි ලෙස කරගැනීමට නොහැකි බැව් එම කාලයේම වාර්තා විය. එකල ගුවන් හමුදාධිපති වුයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකය. එම ගිවිසුම් සහිත ලිපිගොනු අතුරුදහන් වී තිබේනම් එයට වගකිව යුත්තේ එකල සිටි ගුවන් හමුදාධිපතිය.
වාර්තා වන ආකාරයට එම ලිපි ගොනුව සහිත වටිනා ලිපිගොනු අතුරුදහන් කර තිබෙන්නේ රොෂාන් ගුණතිලකගේ කාර්ය මණ්ඩලයේ සේවය කල රවී ජයසිංහ නමැති පුද්ගලයෙකු බව කිය වේ. නමුත් ඒවා ඔප්පුකිරීමට සාක්ෂි නොතිබිය හැකිය. CID කල යුත්තේ ඔවුන් ගෙන්වා ගමේ අසරණ මිනිසුන්ට කරන්නා සේ එල්ලා ප්‍රශ්න කිරීමයි. නමුත් ඔවුන්ගේ නීතිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ කිසිවක් කර කියාගත නොහැකි මිනිසුන්ට බවද නොරහසකි.
මෙම මිග් ගනුදෙනුව සිදුවන්නේ 2006 දීය. එහිදී මිග් 27 ප්‍රහාරක ගුවන් යානා 4ක් මිලදී ගෙන තිබෙන අතර තවත් මිග් 27 ගුවන් යානා තුනක් සහ මිග් 23 ගුවන් යානයක අලුත් වැඩියා කටයුතුද මෙම ගනුදෙනුවට ඇතුලත්ව තිබෙන බව වාර්තා විය. මෙම ගනුදෙනුව සිදුව තිබෙන්නේ ප්‍රාන්ත දෙකක් අතර ගනුදෙනුවක් මුවාවෙන් ව්‍යාජ සමාගමක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6 කට අධික ප්‍රමාණයක් වංචා කිරීමේ චෝදනාව මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ අවුරුදු ගණනාවක සිටය.
2006 පෙබරවාරි මස 06 වැනි දින යුක්රේන රජය සතු ව්‍යවසායකක් බව කියවෙන UKRAINMASH වෙතින් එවකට ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ වෙත් යවන ලද ලිපියකින් පෙනී ගොස් තිබෙන්නේ මිග් ගනුදෙනුවේ කොන්ත්‍රාත්තුව මුලින්ම ලබා දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට බවයි. එම ලිපිය තුල “ අතිරේක MiG – 27 ගුවන් යානා තොගයක් සැපයීම් සහ ශ්‍රී ලංකාවේ දැනට පවතින මිග් 23/27 ගුවන් යානා ප්‍රතිසංස්කරණය කිරීම හදිසි අවශ්‍යතාවයක්” බව සදහන් වේ. ඒ අනුව තවත් විස්තර සදහන් වන එම ලිපිය යොමුකල දිනයේම ආරක්ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ එම කොන්ත්‍රාත්තුව පිලිබඳව තම අවධානය යොමු කර තිබේ.
ඒ අනුව 2006 පෙබරාවාරි 7 දිනැති SLAF/4/6/AIR යන විමර්ශන යොමු අංකය දරන ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව UKRAINMASH වෙතින් ඔවුන්ගේ ඉල්ලීම කර තිබෙන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලීමක් කිරීමත්, පෙබරවාරි මස 06 වැනිදා UKRAINMASH විසින් ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලීමක් කිරීමත් සැකයට තුඩු දෙන ප්‍රධාන සාධකයක් බවද සදහන් වේ.
එසේම කොන්ත්‍රාත්තුව සඳහා මූල්‍ය ගෙවීම මූල්‍යකරුවෙකු හෝ තෙවැන් පාර්ශවයක් විසින් සිදුකළ යුතු බව UKRAINMASH විසින් පෙබරවාරි 6 වැනි දින ආරක්ෂක ලේකම් වෙත ලිඛිතව දන්වා තිබේ. නමුත් එම ලිපියේ තුන්වන පාර්ශ්වයක් පිලිබඳව සදහනක් නැත. නමුත් කොන්ත්‍රාත්තුව අත්සන් කරන විට මූල්‍ය සපයන්නා ලෙස එක්ෂත් රාජධානියේ බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් නමැති සමාගමක් බව පෙන්නුම් කළේය. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා රජය විසින් බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් වෙත ඩොලර් මිලියන 14.6 ක් මුදලක් ගෙවා තිබේ.
කෙසේ වෙතත් මෙම බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් සමාගම එක්ෂත් රාජධානිය පදනම්කර ගත් සමාගමක් වුවත් එහි ලිපිනය සහ පුද්ගලයන් ව්‍යාජ ඒවා බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම හෙළිදරව්ව එවකට සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්රමතුතුංග මහතා 2007 ජුලි 29 වැනිදා සන්ඩේ ලීඩර් පුවත් පතේ පළකර තිබෙන පුවත් පතකින් සකස් කරන ලදී. ඉන් අනතුරුව ලසන්ත වික්‍රමතුංග මහතාට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය. නමුත් අධිකරණයට සාක්ෂි දීමට පෙර ඔහු ඝාතනය විය.
නමුත් දැන් මේ සියල්ලම සාක්ෂිත් සමගම වැළලී ගොස්ය. නමුත් “අළු යට ගිනි පුපුරු” සේ වරින් වර ගිනි ගනී. දැන් උදයංග වීරතුංගලා ඔහේ කියවති.හරියටම වැරදි පාපොච්චාරණය කරන්නා සේය. දැන් ඔවුන් එකිනෙකා පාවා දෙමින් සිටී. උදයංග වීරතුංගට අනුව මේ දූෂිත ගනු දෙනුවේ ප්‍රධාන චුදිතයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඒ අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ආරක්ෂක ලේකම්වරයාව සිටිමින් කල කි වැරදි දේවල් වෙනුවෙන් නඩු වැටෙනු ඇත.